
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පස් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 425,000 ක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (2) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නිකවරටිය පුත්තලම පාර හෝටල් පරිශ්‍රයකදී බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය සඳහන් කළාය.
පස් ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දීමට හා එක් ගමන් වාරයකට රුපියල් 1000 බැගින් ලබාදෙන ලෙස ඉල්ලා මෙම මුදල ලබා ගනිද්දී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෑ හොර තක්කඩියාට නමක් නොමැතිද? නම මොකක්ද? ඇයි මෙතරම් බය නම කියන්න...?
පළාත් පාලන ඇමතිතුමාගේ නම දැවෙයි කියලා බයයිද?
නීතියක් නැති රටක් වෙලා.. සමහරවිට මොහුට කොමිෂන් එක යවන්න බැරි වෙන්න ඇති... නැතිනම් විරුද්ධ පක්ෂයේ වෙන්න ඇති.