
(සිතුම් චතුරංග)
කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 16ක් වටිනා කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 730 පණ්නන්කන්ඩි ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
වෙනත් ප්‍රදේශයක සිට රැගෙන විත් කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරියකුට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.
සොයා ගත් කේරළ ගංජා තොගය යාපනය හෝ මන්නාරම ප්‍රදේශයේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් බවත් එම කේරළ ගංජා රැගෙන ආ ජාවාරම්කරු වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගොස් සිට ඇත.
කේරළ ගංජා තොගය රැගෙන ආ ජාවාරම්කරු හදුනාගෙන ඇති අතර ඔහු විසින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd