
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කඩවත සිට මහනුවර දක්වා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් හා වී මෝලක කොටසක් අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට යාමේ දී අද (2) උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.
පහළ හිරිපිටිය ගාම නිලධාරි වසමට අයත් මෙම නිවස හා දේපළ සම්බන්ධයෙන් ඉඩම් හිමිකරු වන්දි ලබා ගෙන ලබාගෙන නොමැති වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරන ලද නඩුවක් අනුව මෙම දේපළ ඉවත් කිරීමට අධිකරණය නියෝග පරිදි පිස්කල් නිලධාරීහු පැමිණියහ.
වේයන්ගොඩ පොලිසිය ආරක්ෂක කටයුතු වල යෙදුණු අතර ඉඩම් හිමියා නිවසේ ඇති දේපල සමගම නිවස බැකෝ යන්ත්‍ර යොදවා කඩා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කළ අතර තමන් කිසිදු දේපලක් බාර නොගන්නා බවත් නොමිලේම රජයට භාර දෙන බවත් ප්‍රකාශ කරමින් කල්ගත කළේය.
මේ අතර ඉඩම් අත්පත් කර ගැනීම සදහා නිකුත් කෙරුනු 2017.-3.23 දිනැති ගැසට් පත්‍රයේ මෙම බිම් කොටසේ අයිතිය කලුබෝවිල පදිංචිකරුවෙකු සතු බවට සිංහල කොටසේ සදහන්ව ඇති අතර ඉංග්‍රීසි පිටපතේ මෙම නිවැසියාගේ නම සදහන්ව ඇති බවද මෙහිදී පෙන්වා දුන් අතර තමන් වන්දි ලබා ගැනීමට කැමති වුවත් මුදල් වෙන අයෙකුට ලැබීමේ ඉඩකඩ ඇති බවද පැවසීය.
අත්තනගල්ල අධිකරණයේ පිස්කල් නිලධාරීන් දේපල ඉවත් කර ගැනීමට කල් ලබා දීමට ඉදිරිපත් වූවත් ඔහු ඊට එකඟ නොවීය. මේ අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණ වන්දි ගෙවිම ප්‍රමාණවත් නැති බවට කරුණු දක්වන්නටවූ අතර ඔවුන් මීරිගම ප්‍රදේශයේ පුද්ගලයන් බව අනාවරණයවිය. එම පුද්ගලයන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය.
අත්තනගල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ද ස්ථානයට පැමිණ ඉඩම් හිමිකරුට කරුණු පැහැදිලි කර දුන් අතර ඔහු දේපල ඉවත් කර ගැනීමට කිසිසේත්ම එකඟ නොවීය. ඉඩමේ දේපල වන්දිය සඳහා රුපියල් එක්කෝටි අනු ලක්ෂයක පමණ මුදලක් අධිකරණයේ තැන්පත් කර ඇති බැවින් එම මුදල ලබා ගන්නා ලෙසට කළ දැනුම්දීම ද ඔහු ප්‍රතික්ෂේප කළාය.
වන්දි ප්‍රමාණවත් නැතිනම් ඒ සදහා අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව රෙජිස්ට්‍රාර්වරිය පෙන්වා දුන්නාය. තමන්ට නිවසෙන් ඉවත් කරන්න නම් ප්‍රාදේශිය ලේකම්වරයා නිවසක් ලබා දිය යුතු බවද ඔහු කීය. තම නිවසේ වටිනා බඩු ඇතැයිද නැතිවුනොත් ඒවාට වගකියන්න වෙයි පැවසූ ඉඩම් හිමියා පස්වරැ 12.15 ට පමන බිරිය හා දරු තිදෙනා සමග ඇදිවත පිටින්ම ඔහුගේ කැබ් රියට නැගී පිටව ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවස සඟසතු කරන්න. මේ හයිවේ එක අතිභයානකයි. යන්න ඕනෑගමන පැයකට කලින් ආවා නම් මොකටද හයිවේ?
රජය නිලධාරීන්ගේ වැඩ ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ.
මේ මගුලේ අධිවේගයක් නිසා රටට කරන විනාශය දැක්කාම පපුව පිච්චිලා යනවා. වගාවට හොඳම ඉඩම් ටික, පිරිසිදු වතුර ටික විනාශ කරලා මොකටද මේ අධිවේගයක්? රටට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් ආනයනය කරලා රට සංවර්ධනය කරන්නද හදන්නේ? අපිට නම් තේරෙන්නේ නැහැ. කාටවත් ණය නැතුව ගම්මාන වල ජීවත් වෙච්ච මිනිස්සු එලවලා කරන සංවර්ධනේ මොකක්ද?
අපි සිංහල බෞද්ධ රාජ්‍යයක වැසියෝ වෙමු. මහපොළව අපිට අයිති නැත. භුක්ති විඳීමට හැකිය... සියල්ල අතහැරීමට පුරුදු විය යුතුයි.