( තිලකරත්න දිසානායක)
මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස , ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අද (1) පෙරවරුවේ සිදු කෙරිණි.
1929 වර්ෂයේ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී.වික්‍රමආරච්චි මහතා විසින් සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කර ඇති අතර මෙතෙක් කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස පැවතිණි.
මෙරට 16 වන ජාතික විශ්ව විද්‍යාලය ලෙසින් අද දින මෙම විශ්ව විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ලියනගේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මාරු වුණාම අර වෛද්‍යවරුන්ගේ සංගමේ ලොක්කෝ ටික මේකත් වහලා වික්‍රමාරච්චි වෙද මහතාවත් ආපහු ගනියිද දන්නේ නැහැ... සයිටම් කළා වගේ..
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පිළිගත් මට්ටමක් ලැබීම අගය කළයුතු දෙයක්. ඒත්, බටහිර හා ආයුර්වේද ක්‍රම දෙකම මිශ්‍ර කරගෙන ලෙඩුන් පීඩාවට පත්කරන හොරගුහා බොහෝවිට දැකිය හැකියි. වෙද මහත්තයා හා වෙද නෝනාවරුන්ගේ බෙල්ලේත්, නලාව ... කිරිහොදියි, බෝල්ට් ඇනයි වගේ. කිසිම ගැලපීමක් නැහැ. අලකොළයි.. මීමන කොළයි වගේ.. අනේ මන්දා මේක නම් අපූරු රටක්. තවත් දෙයක් තමයි.., මේ රටේ සිංහල වෙදකම කරන්න වෙදකම ගැන මොනම දැනීමක් හෝ පළපුරුද්දක් නැති මේසන් බාස් කෙනෙකුට වුණත් පුළුවන්... මේවා නවතා දමා රටට, ජනතාවට, නීතියට වගකියන ආයුර්වේද වෙද පරපුරක් බිහිකරන්න. ලෙඩා මැරුණත් බඩගියා කියන වෙද සම්ප්රදාය අහෝසි කරන්න. තාත්තා දොස්තර වුණාට දොස්තර පුතාගෙන් බෙහෙත් ගන්නේ ඔහුත්, පිළිගත් වෛද්‍යවරයෙකු නම් පමණයි. ඒත් බොහෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ දුවා දරුවන් ගැනද නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. නැතිනම්, වෙදාගේ වරදට වන්දි ගෙවන්නේ ලෙඩායි...