පැය 24 ගම්පහින් ආසාදිතයන් 1839ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි දෛනිකව කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 1839 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 08 August 2021
දරුවන්ට කැත වැඩ කළ තවත් 10ක් ගැන තොරතුරු ළමයින් සම්බන්ධයෙන් අශිෂ්ට අශීල දර්ශන අන්තර් ජාලයට මුදා මුදාහැරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දස දෙනකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 August 2021
එන්නත් ගන්න සුගතදාසයට යන්න එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ පදිංචි පුද්ගලයනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින එම එන්නත ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි. 08 August 2021
පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 August 2021
ජයවර්ධනපුර රෝහලේදී සාර්ථක අක්මා බද්ධයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළේය. 08 August 2021
විදේශිකයන්ගේ වීසා කාලය දික් කරයි ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ සිටින විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා වලංගු කාලය හෙට (8 වැනිදා) සිට ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 08 August 2021
කොවිඩ් මරණ 5,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 August 2021
කිරිපිටි මිල ඉහළ දාන්න දෙන්නෙ නෑ කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 August 2021
කොවිඩ් ආසාදිතයන් 1,820ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,820 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 August 2021
පෞද්ගලික රෝහලුත් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි පෞද්ගලික අංශයේ බොහෝ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ. 07 August 2021
තත්ත්වය භයානකයි: ගෙවල්වලින් එළියට යන්න එපා කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 07 August 2021
ලොකුම මැණික රට ගෙනියන්න ගුවන් යානයකුත් සූදානම් රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාලතම ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ ළඟදී පැවැත්වීමට නියමිත ලෝ ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 07 August 2021
පිටකොටුව වේල්ලවීදියේ කඩ පෙළක ගින්නක් පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් සා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරණ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව පවසයි. 07 August 2021
කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සොයා මැතිසබේ සීසීටීවී කැමරා පරීක්ෂාවට කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සොයා ගැනීමට පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අරඹනු ලැබ ඇත. 07 August 2021
“සීගිරිය - යාල ප්ලාස්ටික්වලින් තොර සංචාරක ගමනාන්තයක් කරනවා’’ සීගිරිය සංචාරක කලාපය හා යාල ජාතික වනඋද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 07 August 2021
’’පළාත් සීමා අවභාවිතා කරනු එපා’’ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 August 2021
කලාකරුවන් රැසකට කොවිඩ් මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. 07 August 2021
මනුස්සයකුට වගේ දත් තියෙන මාළුවෙක් මනුෂ්‍යයන්ට සමාන ආකාරයට දත් ඇති අසාමාන්‍ය මාළුවකු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ධීවරයකු විසින් අල්ලා ගනු ලැබ ඇති අතර, මෙම පුදුම විදියේ මාළුවා මේ වනවිට පුවත් මැවීමට සමත් වී අවසන්ය. 07 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 07 August 2021
ගල්ගමුවේ නිවෙසකින් මළ සිරුරු තුනක් සොයාගනී ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 07 August 2021
දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන දැමූ තරුණයෙක් මාට්ටු ළමයින් සම්බන්ධව අසභ්‍ය හා අශිල දර්ශන 500 ක් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
ඩෙල්ටා රෝගීන් රටපුරා දහස් ගණනින් ? ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 07 August 2021
වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් අල්ලයි වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් කැළණිමුල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
තැනින් තැන ටික ටික වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙක පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයෙන් අද ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 07 August 2021
කොවිඩ් මරණ 98ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,910ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,910 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 06 August 2021
ගම්පහ ගමක 84කට කොරෝනා ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 06 August 2021
‘‘මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි‘‘ දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 06 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026