ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. 05 August 2021
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 August 2021
අත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇප ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු - විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් ගුරුවරු 40 දෙනකු ඇතුළු 44 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (05) නියෝග කළේය. 05 August 2021
කොරෝනා ආසාදිතයන් 1885ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,885 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 August 2021
මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් බුද්ධ ශාසන ලේකම්ට ලිපියක් රටේ කොරෝනා වසංගත තත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරන බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 05 August 2021
සජබය ලිප්ටන් වට රවුමට ’’කොතලාවල පනත පරදවමු අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි වෙමු’ යන තේමාව මුල් කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාර රැසක් කොළඹ ලිප්ටන් වට රවුම අසලදී අද (05) සවස පැවැත්විණ. 05 August 2021
විදුලි සේවකයෝත් පාරට බසිති කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම, එල්.එන්.ජී. ගෙන්වීම ඒකාධිකාරී බලය හා බෙදාහැරීමේ නල පද්ධතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමෙරිකා සමාගමකට විකිණීම ඇතුළු කරුණු කීපයකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද කොළඹදී විරෝධතාක නිරත වූහ. 05 August 2021
ලෙබනනයේ ලාංකිකයින්ගේ ගැටලු එරට නියෝජ්‍ය අගමැති සමඟ සාකච්ඡා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 05 August 2021
රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක් කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 05 August 2021
කොරෝනා ආසාදිතයෝ මිලියන 200 පනී ලොව පුරා නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 200 සීමාව ඉක්මවා ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 05 August 2021
දිස්ත්‍රික්ක 6 ක කොවිඩ් තත්ත්වය භයානකයි දිස්ත්‍රික් 6 ක කොවිඞ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි. 05 August 2021
ගෝ.ද්‍ර.සට වාර්තා ගත ආදායමක් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලබා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 05 August 2021
රත්නපුර ආයුර්වේදයත් කෝවිඩි මධ්‍යස්ථනයක් කරයි රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආයුර්වේද රෝහල කෝවිඞ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 05 August 2021
දරුවන් 45000 කට කොවිඩ් වැළදිලා:14ක් මිය ගිහින් කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5)පැවසුවාය. 05 August 2021
වැව් 13ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් 13ක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ‘වාරි සෞභාග්‍යා’ වැඩපිළිවෙල යටතේ ආරම්භ කර ඇත. 05 August 2021
වනජීවි නිලධාරියාගේ කනට ගැසූ මේජර් ජනරාල් උසාවියට කැඳවයි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියකුට පහර දුනනැයි චෝදනා ලැබ සිටින මේජර් ජනරාල් මොහාන් රත්නායකට සැප්තැම්බර් මස 2 වැනි දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේය. 05 August 2021
“අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට’’ අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට පවරාගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 August 2021
පෞද්ගලික අංශයේ පී.සී.ආර් මිල අඩු කරන්න යයි ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනවී ඇද්දැයි පරීක්ෂා කරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් යන පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශය අයකරන මුදල අඩු කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා පැවසීය. 05 August 2021
සමගියට ගිය අය නැවත එජාපයට ගැනීම කඩිනම් කරයි ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම හා සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු තවත් කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අද උපදෙස් දුන්නේය. 05 August 2021
අකුරණ ගමකට දැඩි සංචරණ සීමා අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයට අයත් දිප්පිටිය ග්‍රාම නිළධාරි වසමට අද සිට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 05 August 2021
කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 05 August 2021
රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 August 2021
කෝට්ටේ නගරාධිපතිට ප්‍රහාරයක් කෝට්ටේ නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මහතා පිටකෝට්ටේ මංසන්ධියේ දී පුද්ගලයන් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 August 2021
“ලාෆ් ගෑස් ගැටලුවට හැකි ඉක්මණින් විසඳුම්’’ ලාෆ් ගෑස් පරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා අද (05) පෙරවරුවේ පැවසීය. 05 August 2021
කොවිඩ් දරුවන් දෙගුණයකින් වැඩිවෙලා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (5) වනවිට ඇතුළත් කරනු ලැබ සිටි කොවිඩ් වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 05 August 2021
ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයනට අර්ථ සාධකය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම අනිවාර්ය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. 05 August 2021
කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසිවූ කළුගලක් හිසේ වැදීමෙන් එම කාන්තාව මරණයට පත්වී ඇතැයි පදවිය පොලිසිය පවසයි. 05 August 2021
අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය සජිත්ටත් පොලිසියෙන් බාධා ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාදා පමුණුවනු ලැබීය. 05 August 2021
ආණ්ඩුව ගෙදර යවන්න 69 ලක්ෂයම පාරට බැහැලා ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 05 August 2021
ක්‍රීඩා සංගම් නියාමනයට පනතක් ජනවාරියේ මැතිසබයට ක්‍රීඩා සංගම් නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026