ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්
ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ ට (3) යෙදී තිබූ අතර ඒ නිමිති කරගනිමින් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත් වූ නිවස පිහිටි මාර්ගය ”ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.