(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා  විවාහක රූ රැජින  පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්නකර  ප්‍රකාශ සටහන් කරගත් බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්  මහතා පැවසීය

මේ වන විට ඇය ඇතුළු  පුද්ගලයන් තිස් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි 

චමුදිගේ  නිවසට ප්‍රහාර එල්ල වීමට මාස කීපයකට ඉහත දී යූ ටියුබ් චැනලයක් හරහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය චමුදිත සමරවික්‍රම මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක අන්තර්ගත වූ කරුණු සම්බන්ධයෙන්ද  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පිළියන්දල පොලීසිය කියයි 

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඇයගේ නීතිඥ සරිත් පතිරත්න මහතා සමඟ පිළියන්දල පොලිසියට පැමිණ සිටියාය