
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා සමග කිමිදුම් අභ්‍යාස පැවැත්වීම සදහා ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව (28) ත්‍රිකුණාමලය වරායට පැමිණි බව නාවික හමුදාව කියයි.
ත්‍රිකුණාමලය වරයාට පැමිණි ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව නාවික හමුදා නාවික හමුදා සම්ප්‍රදානුකූලව පිළිගත්තේය.
මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව දිගින් මීටර 70.5ක් හා 107ක පමණ නැව් මුළුවකගෙන් සමත්වි වන අතර එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහාමඩ්මහතා කටයුතු කරනු ලබයි.
‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර හමුවක් නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්විණි.
මෙම ඉන්දියානු නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන විශේෂ කිමිදුම් අභ්‍යාස කිහිපයකට මෙන්ම හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇත
මෙම නෞකාවල කිමිදුම් පුහුණු වැඩසටහන නිමාකරමින් මාර්තු මස 08 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd