රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 17 September 2022
මඟුල් ගෙදර යකා නැටූ 10ක් රිමාන්ඩ් පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් දස දෙනකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (17) පස්වරුවේ නියෝග කලාය. 17 September 2022
දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ඇමති දිලුම් අමුණුගම මහතා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී 17 September 2022
ක්‍රීඩකයන් ලබන ජයෙන් දේශපාලකයන් ළකුණු දමා ගත යුතු නෑ ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 September 2022
රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. 17 September 2022
අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ’පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත. ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්රජීවීන් සිටි බවට තොරතුරු හමුවීමත් සමඟය. 17 September 2022
රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. 17 September 2022
ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක් ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 17 September 2022
ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 September 2022
හිටපු ’’මැකෝ ’’ කට අරී තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්රජාතන්ත්රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 September 2022
යුක්රේනයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 7 දෙනකු බේරාගනිති රුසියානු හමුදාවන්ගේ ග්රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. 17 September 2022
කොරෝනාවට ඇරුණු මැතිසබයේ දොරවල් යළි වැසෙයි රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දවස පුරා විවෘත කෙරුණු පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 17 September 2022
පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ. 17 September 2022
මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී? මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. 17 September 2022
රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. 17 September 2022
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉබාගතේ ගොඩනැගිලි කුලියට අරන් මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 17 September 2022
මගුල් ගෙදරවලියක්:හයක් රෝහලට:10ක් කූඩුවට පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හය දෙනකු රෝහල්ගතකර දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි. 16 September 2022
රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙයි දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි. 16 September 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්ෂා රෝහලට ප්රදානය කළේය. 16 September 2022
කෘෂි ලොක්කා එළියට විසි වෙයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් අද (16) ඉවත් කරනු ලැබීය. 16 September 2022
චිනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් චීනයේ චැන්ෂා නගරයේ පිහිටි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාදය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි. 16 September 2022
ඉසුරු සොයා එතෙර ගිය කතගෙ සිරුර බාර ගන්න එන්නැයි ලිපියක් ඇවිත් මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති. 16 September 2022
කොවිඩ් මරණ තවත් 4ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය. 16 September 2022
කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතයි පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය අද (16) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 September 2022
ජේ.ආර් 116 වන ජන්ම සමරුව හෙට ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම හෙට (17) දිනට යෙදී ඇත. 16 September 2022
ව්‍යාපාර පහසු කරවන්න වෙනම අමාත්‍යංශයක් ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 September 2022
අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 16 September 2022
’’මැනිකේ’’ ඉන්දියාවේ යළිත් රැවු දෙයි යොහානි ද සිල්වා ගයන මැනිකේ මගේ හිතේ ගීතය නැවත වරක් ඉන්දියාව තුළ තුළ කතා බහට ලක්ව තිබේ. 16 September 2022
පැයක විදුලි කප්පාදුව තවත් දින තුනක් විදුලි කප්පාදුව හෙට (17) සිට දින තුනක් තව දුරටත් පැයක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි කප්පාදුව මේ මස 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026