ඩොලර් නැතුව ඉන්ධන නෞකා 3 ක් මුහුදේ ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය. 15 September 2022
කෝටි ගණනක හොර බඩු සමග හොරකල්ලියක සාමාජිකයෙක් මාට්ටු සොරාගත් බවට සැකකරන රුපියල් කෝටි තුනකට අධික දේපල තොගයක් සමග තිදෙනකුගෙන් යුත් හොර කල්ලියක සාමාජිකයකු වන ’’ වෑල්ඩින් ප්‍රියන්ත ’’ නමැත්තා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය කියයි. 15 September 2022
යාගොඩදී මෝටර් රථයක් දුම්රිය ගැටෙයි මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර් රථයක් ගැටී එම කාර් රථය දුම්රිය ස්ථානය දක්වා ඇදී ගොස් තිබේ. 15 September 2022
ලංකාවේ අර්බුදයට හේතුව සෙනට් යෝජනාවකින් කියැවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත. 15 September 2022
ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. 15 September 2022
වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) පැවසීය. 15 September 2022
ක්‍රිකට් සල්ලි ඩොලර් කෝටි හතරකට විදින්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (15) පැවසීය. 15 September 2022
රජයේ සේවකයන්ට නිවාඩු ගෙන එතෙර මෙතෙර දෙකේම රැකියා අවසථා රාජ්‍ය නිලධාරීන්ට විදේශ රැකියාවක නිරතවීමට පමණක් නොව දේශීය වශයෙන් වෙනත් රැකියාවක හෝ කාර්යයක නිතරවීමට වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාන අමත්‍යංශය සඳහන් කරයි. 15 September 2022
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දුෂිතයි ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දුර්වල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 15 September 2022
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 15 September 2022
විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 15 September 2022
‘‘ලබන සඳුදා පාසලුත් නෑ‘‘ ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 15 September 2022
උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) සිදුකෙරිණි. 15 September 2022
බේරුවල මුහුදේ දිය නාන්න ගිය දෙකක් මරුට බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි. 15 September 2022
සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 පසු කරයි කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලුම කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. 15 September 2022
පේරාදෙණිය සරසවියේ නවක වදයට එරෙහි වූ සිසුන්ට ප්‍රහාරයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි . 15 September 2022
රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 September 2022
කොරල් හඳුනාගැනීමේ-ප්‍රතිස්ථාපන පුහුණු වැඩමුළුව ත්‍රීකුණාමලයේදී කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේදී හා සැන්ඩි බේ මුහුදු තීරයේදී පැවැත්විණි. 15 September 2022
විහාරාධිපති හිමිගේ ඝාතනයට ශිෂ්‍ය හිමි ගුවන්තොටේදි අල්ලයි සීදුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසු නැදගමුවේ මහානාම (50) හිමියන් විහාරස්ථානය තූළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ සිට අතුරුදන්ව සිටි සැකකාර හිමිනම් අද (15) අලුයම ඩුබායි බලායාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමණි සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධාරීහු පවසති. 15 September 2022
වන අලින්ට ’’සිකුරා’’ ලබයි: ඇතුන්ට ’’හෙනහුරා’’ ලබයි ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 15 September 2022
රාජ්‍ය සේවය බදු ආදායමෙන් සියයට 84ක් ගිලිනවා රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. 15 September 2022
‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට 17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය. 15 September 2022
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. 15 September 2022
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 15 September 2022
නෙළුම් කුලුන අද පිපෙයි දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා ප්‍රකාශ කළේය. 15 September 2022
‘‘කපුටු කාක්‘‘ තාලෙට නළාව නාද කළ නීතීඥයා චෝදනාවෙන් නිදහස් “කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා අද (14) නියෝග කළේය. 14 September 2022
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පදියකයකු මිය ගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි. 14 September 2022
මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)පැවසීය. 14 September 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර් ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය. 14 September 2022
සක්විතිට සිරදඩුවම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට අද (14) නියම කළේය. 14 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026