සති හයකින් අන්තර්කාලීන අයවැයක් සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 25 May 2022
'රනිල් ආවෙි රාජපක්ෂලාගෙන් රට බෙිරා ගන්න' රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 25 May 2022
වරාය අධිකාරියේ සභාපති ගැන ඉංජිනේරුවෝ ඇමතිට ලියති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බදවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව වෙනස් කරමින් ක්‍රියාකිරීම පාලනය සඳහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය, වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ. 25 May 2022
ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක් යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 May 2022
ලෝක බැංකුවෙන් රතු එළියක් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 25 May 2022
තර්ජන හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 40 ක් වහයි හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 25 May 2022
අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය. 25 May 2022
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 25 May 2022
පළාත් රැසකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2022
ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම් හලක්, ඛණිජ තෙල් නීතිගගත සංස්ථාව හා මුල්ලේරියාව පොලිසිය එක්ව අද (24) වටලා එහි තිබු සියලු ඉන්ධන තොග ජනතාව වෙත පැරණි මිළටම අලෙවි කරන ලෙසට නියොග කළ බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 25 May 2022
මැයි 9 ප්රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා එම අපරාධවලට දඩුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලයක් ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අටක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 25 May 2022
මෙන්ඩිස් සමාගම එකම දේපළකට බැංකු දෙකකින් කෝටි 700ක් අරගෙන සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත. 25 May 2022
මන්ත්‍රී ගෙනා අමාත්‍යංශ වාහනය ප්‍රචණ්ඩකාරීන් පහරදි විනාශ කළ පසු පොලිසියේ දමා ගිහින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂකයා පැමිණී වෙළෙඳ අමාත්‍යාංශයට අයත් වී 8 වර්ගයේ ජීප් රථය කොළඹදී ඉකුත් 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී විනාශයට පත්වීමෙන් පසු පොලීසියට දමා ගොස් තිබියදී හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (24) කරුණු වාර්තා කළේය. 24 May 2022
ද්විත්ව පුරවැසියන්ට වැට බඳින 21 මෙන්න ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ. 24 May 2022
මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනකු සිය විදේශ ගමන් බලපත්‍ර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද භාරදී තිබේ. 24 May 2022
නව ලේකම්වරු 23ක් පත් වෙති කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ. 24 May 2022
අපේ විරුවෝ 100ක් මාලි බලා යති එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ. 24 May 2022
ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පැවසීය. 24 May 2022
හෙටත් ගෑස් දෙන්නේ නෑ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (25) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (24) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය. 24 May 2022
නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළේය. 24 May 2022
ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක් කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජුනි මස 22 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. 24 May 2022
කොත්තු, රයිස් සහ බත් මිල සියයට 10කින් ඉහළට කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 24 May 2022
ජොන්ස්ටන්ගෙන් පැය පහක ප්‍රකාශයක් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු කළහාකරි සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා පොදුජන එක්සත් පෙරමුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය. 5 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව හමුවට කැඳවා ඇති පොලිස් ආරංචි මාර්ග පවසයි. 24 May 2022
බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහලට ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 24 May 2022
කොළඹ නාගරික කොමසාරිස්ට දැඩි විරෝධයක් මන්ත්‍රීවරුන්ට වෙන්වන ප්‍රතිපාදනවලින් ජනතා සේවා ඉටු කිරිම, පිඩාවට පත් ජනතාවට අහාර මලු ලබාදීම ඇතුලු ජනතා සේවාවලට බාධා කරන කොමසාරිස්වරියක් කොළඹ මහනගර සභාවට අවශ්‍ය නැතැයිද ඇය ඉවත් කළ යුතු යැයිද නාගරික මන්ත්‍රී හෙන්රි ගමගේ මහතා පවසයි. 24 May 2022
භූමිතෙල් මිලත් වැඩිවන ලකුණු භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය. 24 May 2022
ගැබිණි පෝෂණ මල්ල නවතී ප්‍රතිපාදන නොමැති බැවින් ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීහු පැවසූහ. 24 May 2022
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 2 ක‘කුෂ්’ අල්ලයි මධ්‍යම තැපැල් හුවමාරුවට බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය සහ කැනඩාව යන රටවලින් එවූ පාර්සල් 10 ක තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු තැපැල් තක්සේරු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 24 May 2022
‘නොසැලකිල්ලෙන් කෝටි 626 ක බෙහෙත් නරක් වෙලා‘ නියමිත ප්‍රමිතියට ගබඩා නොකිරීම නිසා පසුගිය වසර නවයේදී (2011සිට 2020 වසර දක්වා ) රුපියල් කෝටි 626 ක් වටිනා ඖෂධ තොගයක් නරක්වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා) පවසයි. 24 May 2022
‘21ට අකමැති නම් ද්විත්ව පුරවැසියන්ට කැමති ඇති‘ 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍යයි යන කාරණය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 24 May 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025