(යොහාන් භාසුර)
සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් හෙට (2) දිනයේදී අවලංගු විය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (1) පැවසීය.
දුම්රිය සේවකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දෙසැම්බර් 31 දින විශ්‍රාම ගැන්වීමෙන් ඇති වූ සේවක හිඟයෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් බලධාරීන් හැකි ඉක්මණින් මෙය විසඳුමක් දියයුතු බවත් සොමරත්න මහතා කීය.
සේවකයන් කොන්ත්‍රාත් පදනම මත නියමිත පරිදි සේවයේ පිහිටුවා නොමැති බව කී සෝමරත්න මහතා අනුමැතියකින් තොරව වසර එකහමාරක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් සිවුදෙනකුට ගෙවීම් නොකර සේවයෙන් ඉවත්කර ඇති බව ද සඳහන් කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්ත ද තනතුරු අනුමත කිරීම 2013 වසරෙන් ක්‍රියාත්මක කර නොමැති බවත් මෙම තනතුරු ප්‍රශ්නය හේතුවෙන් මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාන ඉදිරියේ වසා දැමීමට සිදුවන බවත් සොමරත්න මහතා කීය.
දුම්රිය බලධාරීන් මෙම ගැටලුවලට විස්තර නොදෙන්නේ නම් ලබන 9 වැනිදා සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද සෝමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.