(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් දෙහිඕවිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 180ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම සැකකාර ආධුනික කොස්තාපල්වරයා මොරටුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු වන අතර මොහු නිවාඩු ලබා පසුගිය දෙසැම්බර් මස 12 වැනිදා පැමිණ යළි සේවයට වාර්තා කර නොමැති බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

සැකකරු ඔහු හඳුනන අයකුගේ නිවසට ගොස් අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි.