(යොහාන් භාසුර)

දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක්  අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

දුම්රිය නියාමකයන් සහ දුම්රිය සාහකයන් ඇතුළු සේවකයන්ගේ හිඟය මෙම තත්වයට ප්‍රධාන හේතුව බව කී ඒ මහතා සිටින සේවකයන් කළමනාකරණය කරමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යෑමට සිදුව ඇති බව ද සඳහන් කළේය.

හෙට දිනයේ ද මෙම තත්ත්වය පැවැතිය හැකි බවද ගාමිණි සෙනරත් මහතා පැවැසීය.