IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොට ලොරිය පළා යද්දී වෙඩි තබා නවතා ගනී

( තිලකරත්න දිසානායක)

යක්කල රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත් අඩංගුවට ගනු ලැබූ බලපත් රහිත කොට ලොරියක් යක්කල පොලීසිය වෙත රැගෙන විත් නතරකර තිබියදී , රියදුරා  ලොරිය පණ ගන්වා කිරිඳිවැල මාර්ගය ඔස්සේ නොනවත්වා ධාවනය කරද්දී අහසට වෙඩි තබා ලොරිය නවතා  රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය පවසයි.

යක්කල පොලීසියට අනුයුක්ත රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා විසින් කොළඹ - මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැකකටයුතු කොට ලොරියක් අද (3) පෙරවරුවේ, පරීක්ෂාවට ලක් කිරීමේදී ප්‍රවාහන කිරීමේ බලපත්‍රයක් නොමැතිව දැව කදන් තොගයක් රැගෙන යාම මත ලොරිය යක්කල පොලීසිය වෙත රැගෙන විත් ඇත.

ලොරිය පොලීසිය ඉදිරිපිට නවත්වා තබන ලෙස රියදුරුට දැනුම්දී රථවාහන නිලධාරීන් පොලිස්ථානය තුළට ගිය අවස්ථාවේ රියදුරු දැව ලොරිය පණගන්වා යක්කල - කිරිඳිවැල මාර්ගය ඔස්සේ ධාවනය කොට ඇති අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ලොරිය පසුපස හඹා ගොස් නතර කරන ලෙස අණ කළද නොනවත්වාම ධාවනය කිරීම හේතුවෙන් අහසට වෙඩි දෙකක් තැබීමෙන් පසුව පිළිකුත්තුව ප්‍රදේශයේදී ලොරිය නතරකර ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

 



අදහස් (2)

කොට ලොරිය පළා යද්දී වෙඩි තබා නවතා ගනී

Hatta Wednesday, 04 January 2023 09:58 AM

දැරණියගල ගස් කපා ලොරිමත පටවා දයිනිකව සිදුවන වන සංහාරය සහ ජාවාරම වහා නවත්වනු!

:       0       5

fairoosWednesday, 04 January 2023 01:20 PM

දේශපාලකයන්ගේ ලොරිවලට කිසිම බාධාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site