විදුලි බිලත් වැඩිවෙන ලකුණු විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 29 May 2022
ඉන්ධන පිරවුම්හලකට අලාභහානි කළ තිදෙනකු අල්ලයි ඇල්පිටිය කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩා වැදී පොම්පකරුවන් දෙදෙනාට සහ උපකරණවලට පහර දී අලාභහානි සිදුකළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 29 May 2022
හරිතාගාරයක ගංජා වගා කළ කතක් මාට්ටු හරිතාගාරයක ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 29 May 2022
සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉදිරි දින කිහිපයේදී ඩීසල් සයිබීරියානු බොරතෙල් නමැති නව බොරතෙල් වර්ගය ආනයනය කර තිබෙන නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය පිළිබඳව තවම ප්‍රකාශයක් කළ නොහැකි බව විදුලිබල හා ශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 29 May 2022
ප්‍රදේශ රැසකට අදත් තද වැසි ප්‍රදේශ රැසකට අද (29) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2022
ගජමුතු 76 සමග 67 හැවිරිදි අයෙක් මාට්ටු අම්පාර ඉගිනියාගල දේවාලහිද, අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 May 2022
යළි අනතුරක් විමලවීර ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 29 May 2022
ඕමල්පේ සෝභිත හිමි අනතුරක් පෙන්නයි විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ. 29 May 2022
විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස් කොළඹ ගාලු මුවදොර විරෝධතාවට දින 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවිමට උත්සහා කිරීමේ දි එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 28 May 2022
සාපෙළ සිසුන්ගේ ගැටුමින් එක් අයෙක් තුවාල ලබයි මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර අද (28 ) සවස ඇතිවු ආරවුලකදි එක් සිසුවකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවකුගේ සහෝදරයකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය පවසයි. 28 May 2022
දැරිය ඝාතනය ගැන තත්තාගෙන් ප්‍රශ්න කරයි බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 28 May 2022
අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. 28 May 2022
තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින් හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය . 28 May 2022
කෝපා කමිටුවෙන් පරිවාසයට නියෝගයක් දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය. 28 May 2022
විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට ගැනීම නවත්වයි රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 May 2022
ලංගමය කෝටි 340 ක් පාඩු ලබලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 May 2022
අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක් මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි. 28 May 2022
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් කැඳවයි රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත. 28 May 2022
අධිකරණ ඇමති රන්ජන් බලන්න යයි සිර දඬුවම් විඳින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 May 2022
මැතිසබයේ ’’බුෆේ’’ නවතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 28 May 2022
පොම්පකරුගේ බිරිය 800ට තෙල් විකුණලා මාට්ටු අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්‍රල් බෝතලයක් රුපියල් 800යට අලෙවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 28 May 2022
මැති ඇමැති 85 ක් ජලයට පොලු තියලා දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 28 May 2022
ප්‍රදේශ රැසකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 May 2022
කෝටි හතරක බෙහෙත් පිල්ලි ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. 28 May 2022
ගාලු මුවදොර අරගලයට අදට දින 50යි ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. 28 May 2022
අධිවේගය පැය 10ක් වැහෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පිටුපස ඉන්ධන ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි 28 May 2022
ඩී.අයි.ජී. තුනක් තැන් තුනකට මාරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 28 May 2022
ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට ඉන්දියාවෙන් ප්රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබන සඳුදා (30 වැනිදා) ආරම්භ වන බව ආහාර කොමසාරිස් කාර්යාලය පැවසීය. 27 May 2022
ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ-වෛද්‍ය උපකරණ ප්‍රදානයක් ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (27) පස්වරුවේ භාරදුන්නේය. 27 May 2022
අටුලුගම දැරියක් අතුරුදන් වෙයි නව හැවිරිදි දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි. 27 May 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025