IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

රටපුරා බලපත්‍ර නොමැතිව  ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින්  අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන    බලපත්‍රයක් නොමැතිව ගුවන් ටිකට් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය සඳහන් කළේය.

එසේම එවන් නියෝජිත ආයතන වෙතින් ගුවන් ටිකට් ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකිය යුතු බව  පවසන එම අධිකාරිය නීති විරෝධී නියෝජිතායතන සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එසේම එවැනි ආයතන සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවද එම අධිකාරිය  ප්‍රකාශ කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරනු  ලබන බලපත්‍රය  කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර නොමැති ඕනෑම ගුවන් ටිකට් පත් අලෙවි නියෝජිත ආයතනයක් සමඟ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අදාළ කිසිදු ගනදෙනුවක්  නොකරන ලෙස අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.



අදහස් (3)

ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

de silva Wednesday, 04 January 2023 01:27 PM

ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා ගෙවීම් කර 3 වැනි පාර්ශවයකට ගුවන් ටිකට්පත් මිලදී ගන්න පුළුවන්.. ආණ්ඩුව කොහොමද ඒක නවත්වන්නේ..? 

:       0       7

Kasun Wednesday, 04 January 2023 01:44 PM

මමත් online ටිකට්ස් ගන්නවා. එතකොට එවත් නීති විරොදි වෙන්න ඔන නේද

:       0       8

damayanthi Wednesday, 04 January 2023 02:08 PM

දැන් එතකොට ක්‍රෙඩිට් කාඩ් හරහා අන්තර්ජාලයෙන් ලෝකයේ තියෙන වෙබ්සයිට් එකකින් ගන්න ටිකට් එකට මොකද කරන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site