IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතරගම-කොළඹ අර්ධ සුඛ‍ෝපභෝගී බස් සේවාව නවතියි

(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

ගාලු පාරේ,  කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම  රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඇමතිවරයා  සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රැපියල් 1,117ක් දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.



අදහස් (7)

කතරගම-කොළඹ අර්ධ සුඛ‍ෝපභෝගී බස් සේවාව නවතියි

සිල්වා Wednesday, 04 January 2023 01:20 PM

එම බොරු වැඩේ නතර කළාට බොහෝම ස්තුතියි...!

:       0       28

nalin Wednesday, 04 January 2023 02:10 PM

ඔය අර්ධ සුඛෝපභෝගි කියන එකෙන් කරන්නේ තනිකරම බොරුවක්... සීට් එකකුත් වැඩිකරලා පිරෙන්නම පටවාගෙන යනවා... එහෙම ගිහිල්ල ගානත් වැඩියෙන් ගන්නවා. මුළු ලංකාවේම ඔය අර්ධ සුඛෝපභෝගි සේවා අවලංගු කරන්න ඕනේ...

:       0       24

ranjith Wednesday, 04 January 2023 02:20 PM

සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගි වෙනසක් නෑ... බොරුවට ජනතාව සූරාකන මංකොල්ලයක්... නතර කළ එක හොඳ දෙයක්.. ලංකාවේ වෙන පළාත්වලත් නතර කළා නම් හොඳයි.

:       0       17

Buddika Wednesday, 04 January 2023 02:44 PM

ඉතාම හොද තීරණයක් .සෙමි ලක්සරි බස් කරන්නෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලක් අරගෙන අනිත් බස්වල වගෙම මගීන් පටවාගෙන යාමයි. මිනිස්සුන්ගෙ අපහසුතා උන්ට ආනක් නෙ. කරුනාකරල ඇමතිතුමනි ලංකාව පුරා ඇති සෙමි ලක්සරි සේවාව සම්පූර්ණ අවලංගු කරන්න

:       0       17

MISHAL Wednesday, 04 January 2023 04:08 PM

ඉතාමත් හොඳ වැඩක්... බොහෝම ස්තුතියි...!

:       0       10

Sanath De Silva Wednesday, 04 January 2023 06:44 PM

හොඳ තීරණයක්... තව තංගල්ල, යාපනය, මන්නාරම, මුලතිව් යන බස් ගැනත් හොයලා බැලුවා නම් හොඳයි.

:       0       1

Jayalath Thursday, 05 January 2023 05:14 AM

බොහොම හොදයි බොරැවට ජනෙල් වලට කර්ටන් එකක් විතරයි ඔය අර්ධ සුඛ‍ෝපභෝගී බස්වල තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site