
(අංජුල මහික වීරරත්න)
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය.
ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමි බැහැ දුටු ජනාධිපතිවරයා කෙටි කථා බහක නිරත විය.
16 වන බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙන් අපිට විතරක් නෙවෙයි ලෝක නායකයන්ටත් හෙණ අපලයි වගේ.... ආපු දවසෙ ඉඳන් දකින්නෙම මළගෙවල් වල යන එකනේ....
ආව දවසෙ ඉදන් මල ගෙවල්ම තමා
අපේ පෘතුවියෙන් චුත වෙලා සුවර්ගස්ත වුනා කියල හරියටම දශමෙටම කියන්නෙ කොහොමඩ???? ඔප්පු කොරල පෙන්වන්න පුලුවන් ජගතෙක් ඉන්නවද???? මමනම් කියන්නෙ මෙව ඔක්කොම නිර්මානය කරපු වචන සහ දේවල්. අපි පරම්පරවෙන්, පරම්පරාවට කිසිම තර්කයකින් තොරව ඉදිරියට ඇදගෙන යන එක කරන්නයැ.