IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනට

(නිමන්ති රණසිංහ)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන් ජයවර්ධන මහතා පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් කොමිසම විසින් පත්කර ඇත. 

මෙතෙක් පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු ජ්‍යෙෂ්ඨ  නි. පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාමයෑමෙන් පසු හිස් වූ ධුරය සඳහා  ජයවර්ධන මහතා පත් කර තිබේ.  ජයවර්ධන මහතා මීට පෙර සහායක සේවා ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ අතර උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළේය. මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා ජාත්‍යන්තර බුද්ධි විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර තිබේ.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයෙකු ලෙස විදේශ සේවා අත්දැකීම් ලද පරිණත නිලධාරියෙකුද වන ජයවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යලයේ ව්‍යපාර කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස සිය මූලික උපාධිය ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වෙයි. 

 



අදහස් (3)

පොලිස් පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනට

C.K.Lankaputhra Wednesday, 04 January 2023 10:51 AM

ඒ වගේම එතුමා හිටපු ජනපති සිරිසේන ජනධිපතිතුමා යටතේ එතුමාගේ ආරක්ෂකයා විදියට 2019 වසරේ මනා සේවයක් ඉෂ්ඨ කළ අවංක නිලධාරියෙකි. මෙරට කතෝලික ජනතාවට එතුමා සමග විශාල ගණුදෙනුවක්ද ඇතිබව අමතක කළ යුතුම නැත..

:       0       6

නිහාල් Wednesday, 04 January 2023 01:11 PM

බෝම්බ ගහනකම් නොනිදා සේවය කළ කෙනෙක් නේද මෙයා..?

:       0       2

Prabha Wednesday, 04 January 2023 02:35 PM

ඔය D. G. N නොදා නිලන්ත ජයවර්ධන කියල දැම්මනම් ඉවරනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site