IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොස්තාපල් මාමණ්ඩියගේ කබායෙන් බෑනා කූඩුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිය මාමණ්ඩිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ පැදිකරු සහ පසු පැදි කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියට ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය හෝ කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු පැදියද ඌව පලාතට අයත් අන්සතු යතුරුපැදියක් බවත්, පැදිකරුට අවම වශයෙන් රියදුරු බලපත්‍රයද නොමැති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ විශේෂ රථ වාහන මෙහෙයුම ට අදාළව ඉංගිරිය පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 35344 අමරසිංහ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී සිදුකළ ක්ෂණික පරීක්ෂාවකදී ඒ බව අනාවරණය වී යැයි පොලීසිය කියයි.

හොරණ දෙස සිට ඉංගිරිය දෙසට පැමිණි යතුරුපැදිය පැදවු පුද්ගලයාගෙන් කොහේ යන්නෙ දැයි විමසීමේදී ඉන්ධන ලබා ගැනීමට යන බව පැවසීමෙන් අනතුරුව ඒ වන විට අළුයම එකට පමණ ඇති බැවින් ඉන්ධන ලබාගැනීමට ඉන්ධන හලක් නොමැති බවට පොලිස් නිලධාරීන්ට අවබෝධ වුයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා යතුරු පැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා බිමට බැස්ස වීමේදී සැකකාර පැදිකරු පොලිස් යනුවෙන් සඳහන් වැහි කබායක් හැඳ සිටි අයුරු දැකගත හැකිවී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැදිකරු හැද සිටි පොලිස් යනුවෙන් සඳහන් කබාය කඩවත අධිවේගී පොලිස් මුරපොල ට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකුගේ (මාමණ්ඩිගේ) කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා ,පොලිස් යනුවෙන් සඳහන් කබාය හා යතුරු පැදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කොස්තාපල් මාමණ්ඩියගේ කබායෙන් බෑනා කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site