විරෝධතාකරුවෝ බලශක්ති අමාත්‍ය ලේකම් සිරකරති ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ. 27 June 2022
රඹුක්කන එස්.එස්.පීගේ ඇප දීම නීතිපති විරුද්ධයි රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට විරුද්ධ බව නිතිපතිවරයා අභියාචනාධිකරණයට අද (27) දැනුම් දුන්නේය. 27 June 2022
බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය දෙන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (27) පොරොන්දු වූහ. 27 June 2022
ඉන්ධන ලෙල්ලටම හිදෙයි ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
පිරිසක් ඉන්ධන ‘ටෝකන්’ එකට විරුද්ධයි ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
කංචන - නසීර් කටාර් යති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය. 27 June 2022
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,සී.අයි.ඩීයට ප්‍රදානයක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා පරිගණක,පරිගණක උපාංග,කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ යතුරු පැදි ප්රදානය කළේය. 27 June 2022
දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. 27 June 2022
පාතාල ක්‍රියාකරුගේ සිරුරු කාමරයෙන් හමු වේ හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද සොයාගත් බව මහරගම පොලිසිය කියයි. 27 June 2022
හෙදියක පමණ නොව නුඹ දිරිමත් මවකි ඉන්ධන හිඟය අභියෝගයට ලක් කරමින් කිලෝමීටර 20 - 25 ක් පමණ දුර ගෙවා බයිසිකලයෙන් පදවිය මූලික රෝහලට පැමිණි හෙදියක, අහම්බෙන් අපට අද පෙරවරුවේ හමු විය. 27 June 2022
ඇමෙරිකා දූත පිරිස ජනපති හමුවේ ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය,ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(27) පැවැත්විණ. 27 June 2022
තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ. 27 June 2022
ඇමෙරිකා දූත පිරිස අගමැති හමුවේ මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සඳහා සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද පැවසීය. 27 June 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන අවදානමේ කොළඹ සිට මාතර දක්වා දිවෙන මොරටුව,පානදුර වාද්දුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ස්ථාන 76 රේල් පීලි දිරාපත්ව අබලන් තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු අනාවරණය කරගෙන ඇත. 27 June 2022
ගෑස්, බොරතෙල් කැණීමට මාර්ග සිතියමක් හදන්න මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 June 2022
‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘ පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 27 June 2022
සහල් ගැන ඇමතිගෙන් සහතිකයක් ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 June 2022
ඕස්ට්‍රේලියා යන්න ගිය 54ක් නාවික හමුදා දැලේ බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්රේරලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (26) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. 27 June 2022
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය නොහැකි ගෝඨා- රනිල් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් දෙමටගොඩ දුම්රිය අංගනය ඉදිරිපිට අද (27) පැවැත්විණි. 27 June 2022
මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ තෝරකොළ යාය ප්‍රදේශයේ දී මල්ශාලා හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගිත් අත්අඩංගුවට ගෙන ඇත. 27 June 2022
ප්‍රාදේශීය ලේකම් සිර කළාට ප්‍ර.ලේ සේවකයෝ විරෝධය පාති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර මහ රෝහලට ගිය මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිද්ධියට විරෝධය පල කරමින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද විරෝධතායක නිරත වූහ. 27 June 2022
බවුසරයෙන් ඉන්ධන ඇද්ද රියැදුරා - සහායකයා මාට්ටු මඩකලපුව ප්‍රදේශයට ඩීසල් තොගයක් ප්‍රවාහනය කළ බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 27 June 2022
ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 27 June 2022
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. 27 June 2022
හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පුපුරා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 27 June 2022
අගමැති රනිල්ගේ කාලයත් අවසන් ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය. 27 June 2022
පළාත් කීපයක වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 June 2022
කැලණියේදී වෙඩි තැබීමක්:අයෙක් මරුට කැලණිය පට්ටිය හංදියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 26 June 2022
මැති - ඇමැතීන්ටත් ඉන්ධන රස්නේ දැනෙති ඉන්ධන හිඟය නිසා ඇමැතිවරුන්ගේ නිල රාජකාරි කටයුතුද ( ගමන් බිමන්) බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ. 26 June 2022
හිටපු ඇමැතිගේ ඉන්ධන පිරවුම්හල මැර කල්ලියකට හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති. 26 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025