විසි දෙවැනි සංශෝධනය ගැසට් කර සති පහකින් විවාදයට විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කළ හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 June 2022
පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(30) පැවැත්වීමට නියමිතය. 29 June 2022
225ම මරා ප්රශ්නය විසැඳිය හැකි ද? රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා මරා දැමීමෙන් හෝ ඔවුන්ගේ නිවාස ගිනි තැබීමෙන් විසඳිය හැකි දැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. 29 June 2022
ශ්‍රී ලංකාවට ආධාර දෙන හැටි ජුලී චන්ග් කියයි ඇමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්රදානය කරනු ලබන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 29 June 2022
දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 29 June 2022
ඉන්ධන පෝලිමේ කුලියට සිටි දෙදරු පියා අනතුරින් මරුට දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේන් ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයකු ඉන්ධනහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 29 June 2022
චීනය දුන් සහල්වල පළමු තොගය බාර දෙයි චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10,000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට නිල වශයෙන් භාර දෙනු ලැබිණ. 29 June 2022
පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 29 June 2022
බයිඩන් බිරිඳට-දියණියට රුසියාව තහනම් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ. 29 June 2022
අපේ වැඩ බලා විදෙස් රටවල් උදව් කරයි රට හදන වැඩ සටහන ඉදිරිපත් කළ පසු අමෙරිකාව ඇතුළු රවටල් ලංකාවට උදව් කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 June 2022
කටාර්වලින් ණයට ඉන්ධන - ගෑස් ගන්න සාකච්ඡා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය. 28 June 2022
අගමැතිට කාලය දෙන්න අගමැතිවරයාට රටෙි ප්‍රශ්න විසඳීමට කාලය ලබාදිය යුතු යැයි ද කවුරුත් බාර නොගත් අවස්ථාවේ අගමැති ධුරය බාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට දොස් කියා පලක් නැතැයි ද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පැවසීය. 28 June 2022
තෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයක ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 28 June 2022
බස්නාහිර වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක් රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පවසයි. 28 June 2022
අයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයි ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ. 28 June 2022
රෙජිස්ට්‍රාර් සේවාත් දින දෙකයි රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි. 28 June 2022
තැපැල් කාර්යාල සතියට දින 3 යි රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 10 වැනිදා දක්වා හෝ නැවත උපදෙස් ලැබෙන තෙක් සතියේ දින තුනක් පමණක් විවෘත කරන බවත් සඳුදා දින මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාලවල රාජකාරී සඳහා අවම කාර්ය මණ්ඩල කැඳවිය යුතු බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසයි. 28 June 2022
දින නියමයක් නැතිව ඌව වෙල්ලස්ස සරසවිය වැසේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිදු කරන අධ්‍යයන කටයුතු හෙට (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 28 June 2022
ග්‍රහලෝක පහක් හෙට අලුයම එකම රේඛාවක සෞර ග්‍රහ මණ්ඩලයට අයත්ග්රහ ලෝක පහක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය දැකගැනීමේ හැකියාව මේ දිනවල පවතින අතර, එම සංසිද්ධිය හෙට (29) අලුයම 4.40 සිට හිරු උදාව දක්වා වඩාත් හොඳින් දැකගත හැකි බව ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පවසයි. 28 June 2022
කහ-නිල් ගෑස් ගාල්ල ක්‍රිකට් පිටිය වටලයි ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ. 28 June 2022
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක් ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය. 28 June 2022
ඇමැති කංචන කාටාර් බලශක්ති ඇමැති හමුවෙයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කටාර් බලශක්ති අමාත්‍ය සාද් ශෙරීඩා අල්-කාබි මහතා අතර හමුවක් අද (28) පැවැත්විණ. 28 June 2022
පෞද්ගලික බස් හිමියන්ගෙන් ඇමැතිට පැමිණිල්ලක් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට නියමිත පරිදි ඉන්ධන නොලැබෙන බවට පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෝ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (28) පැමිණිලි කළහ. 28 June 2022
බස් ගාස්තුව සියයට 30 කින් නගී ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් ඉල්ලීමක් කළ බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 28 June 2022
මාගම්මන නිවසේ ගින්නෙන් තුවාල ලද දියණියත් මරුට හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇතිවූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි. 28 June 2022
විපක්ෂය අගමැතිට කාලය නොදෙන්නේ ඇයි? රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. 28 June 2022
හිරුණිකා කොටුවේ විරෝධයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 28 June 2022
තෙල් ටෝකන් හොරට විකුණයි පෝලිම්වල නොසිට ඉන්ධන ක්‍රමානුකූලව ලබා දීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කළ ටෝකන් පත් ක්‍රමය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඒ සඳහා නිකුත් කර ඇති අයැදුම්පත් කුරුණෑගල නගරයේ ඡයා පිටපත් කර අලෙවි කරන බව ජනතාව චෝදනා කරති. 28 June 2022
වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවටගත් බව නෙලුක්කුලම පොලිසිය පවසයි. 28 June 2022
විදෙස් සමාගම්වලට තෙල් ගේන්න අවසර ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 28 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025