ලියාපදිංචි අංකය නැති යතුරුපැදි අතරමං වෙයි ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදීමේ ක්‍රමයවේදය හමුවේ ලියාපදිංචි අංකයක් නොමැති පෙට්රල්වලින් ධාවනය කරන යතුරුපැදි හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 21 July 2022
දරුවට බෙහෙත් ගන්න වෙරිමතින් රෝහලට ඇවිත් දොස්තරට පහරදීලා පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරී කරමින් සිටි වෛද්‍යවරයෙකුට අද (21)පස්වරුවේ බීමත් පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 21 July 2022
කොරෝනා ආසාදිතයෝ 57 ක්: දෙදෙනෙක් ඊයේ මිය ගිහින් කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 21 July 2022
නව අගමැති දිනේෂ් හෙට දිවුරුම් දෙයි නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22)උදේ දිවුරුම්දීමට නියමිතය. 21 July 2022
ඉන්දීය ධීවරයෝ 6 ක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර ආම්පන්න තොගයක් මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 July 2022
සිරබත් කන ගණන 20,000 පනී බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රට පුරා බන්ධනාගාරවල සිරකරුවන් සහ සැකරුවන් 20,500 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 21 July 2022
මා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක් තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 July 2022
මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත් තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා පෙරේදා (20) දින නියෝග කළේය. 21 July 2022
එජාපයේ මන්ත්‍රී පුරප්පාඩුව මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (21) දැනුම් දුන්නේය. 21 July 2022
අලුත් ජනපතිට එතරිනුත් ශුභාශිංසන රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. 21 July 2022
අලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 21 July 2022
වසන්ත මුදලිගේ-ජිනරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)වරෙන්තු නිකුත් කළේය. 21 July 2022
ලංගම සඳුදා සිට උපරිම ධාරිතාවෙන් ධාවනයේ ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මුහුණදී සිටි ටයර් සහ බැටරි හිඟය අවසන් වීම නිසා ලබන සඳුදා සිට උපරිම ධාරිතාවෙන් බස් ධාවයන ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 21 July 2022
අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කර තිබේ. 21 July 2022
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන් හිදී ඉකුත් දා පැවති අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී ශිෂ්‍යයා සමත්විය. 21 July 2022
මහින්ද සමරසිංහ - ඩබ්.එෆ්.පී ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානි විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් බීස්ලි මහතා අතර හමුවක් වොෂින්ටනයේදී පැවැත්විණ. 21 July 2022
ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය. 21 July 2022
’’ඩලස් ඉදිරිපත් කළේ අපි’’ ’’අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං’’,යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජනපතිවරණ ඡන්දයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය. 21 July 2022
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඩ්‍රාගී මෙසේ තීරණය කළේ ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය. 21 July 2022
මට පිළිකාවක්: බයිඩන් කියයි තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. 21 July 2022
නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය. 21 July 2022
ඉන්දීය ගිලන් රථයක් අනතුරේ අසාධ්‍ය රෝගියකු රැගෙන අධික වේගයෙන් රෝහල බලා ධාවනය වෙමින් තිබූ ඉන්දීය ගිලන් රථයක් බිහිසුණු ලෙස අනතුරට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 21 July 2022
ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ . 21 July 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 21 July 2022
කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ. 21 July 2022
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි දුම්රිය සාමාන්‍ය ගාස්තු 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. 21 July 2022
ජනපති දිවුරුම වෙලාවේ විදුලිය බිඳ වැටෙයි ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට බාර දී තිබේ. 21 July 2022
කිව්.ආර්. නියමු ව්‍යාපෘතිය පරික්ෂා කිරීම අරඹයි බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් ආරම්භ විය. 21 July 2022
මයන්ත සජබ තනතුරෙන් යයි සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ. 21 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025