ධීවරයා ඔරුවෙන්ම අවසන් ගමන් යයි තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 13 January 2024
සිසුවා මුහුදට බිලි හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි . 13 January 2024
දුම්රිය මගීන්ට පහසු කරන්න මහවෙන් විශේෂ බස් සේවාවක් කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව අද සිට ආරම්භ කළේය. 13 January 2024
යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සියළුම පොලිස් ස්ථාන හෙට (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය. 13 January 2024
උදව් කරන්න ඇවිත් පනින්න ගිය හිටපු සෙබළා මාට්ටු දියතලාව ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි කාන්තාවකට උදව් කරන බව අඟවා ඇගේ කාඩ් පත වෙනුවට වෙනත් කාඩ් පතක් මාරු කරදී වංචනිකව රුපියල් ලක්ෂ දෙකක මුදලක් එම කාඩ් පතින් ලබාගෙන පලා යමින් සිටි හිටපු හමුදා සෙබළකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පැවසීය . 13 January 2024
වැස්ස නැතිවත් වරාදොල නාය යයි පස්සර බඩල්කුඹුර වරාදොල ගම්මානයේ කදුවැටිය අද පෙරවරුවේ සිට නාය යෑමට ලක්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ ඒකක කියයි. 13 January 2024
නව ලේකම්වරුන් 11 දෙනාගේ ගැසට්ටුව පිටවේ අධ්‍යාපන සහ අධිකරණ ඇතුළු අමාත්‍යාංශ එකොළහකට නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කෙරේ. 13 January 2024
යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. 13 January 2024
විමධ්‍යගත ඉල්ලා මන්ත්‍රීවරුන්ගෙන් ගෝරනාඩුවක් තම ප්‍රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්‍යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගේ පසුගියදා නැවත වරක් දැඩිව ඉල්ලීමක් කර ඇත. 13 January 2024
නෙළුන්දෙණියේදී පොලිස් නිලධාරීන්ට තියුණු තල ප්‍රහාරයක් කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 13 January 2024
මන්ත්‍රී නිවාස පිට අයට දීලා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. 13 January 2024
වැට් එකෙන් මැතිසබේ බත්පතටත් ’’ෂොට්’’ එකක් වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 January 2024
’යුක්තිය’ තවත් 897 ක් අත්අඩංගුවට ගනී ’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 897 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (13) පෙරවරුවේ පැවැසීය. 13 January 2024
කොල්ලුපිටියේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක් කොල්ලුපිටිය හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ මධ්‍යම රාත්‍රී ඇතිවු ගින්නකින් දේපල රැසක් විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 13 January 2024
ජෝර්දාන ඇඟලුම් සේවිකාවන්ට අමාත්‍යංශයෙන් නීතිඥ සහාය ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දුන්නේය. 13 January 2024
වැස්සට නැවතුණු දුම්රිය දෙකක් යළි ධාවනයට දින දෙකකට පමණ පසු කොළඹ කොටුව හා මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (12) පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 13 January 2024
අද වැස්ස නෑ මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2024
මිතුරා වෙනුවෙන් අල්ලස් දෙන්න ගිහින් දෙදෙනාම අමරුවේ රන් පැහැති කුඩා මරන්චි ඇට කිලෝවක් සමග පුද්ගලයකු මාවතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී රුපියල් 150,000 ක් මුදලක් පොලීසියට අල්ලස් වශයෙන් ලබාදීමට සැලසුන පුද්ගලයකු ඇතුළු දෙකක් අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි. 13 January 2024
කන්දකාඩු කඳවුරේ ලොක්කෝ ඉවතට ? රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහලංකාදීපයට පැවසීය. 13 January 2024
කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 13 January 2024
හරක් කටා සමග දුරකතනයෙන් සම්බන්ධ වූ හයක් මාට්ටු නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුවකු බවක කියන පුද්ගලයා සමඟ දුරකථන සංවාද පැවැත් වී යැයි බව කියන හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 January 2024
‘‘යුක්තිය‘‘ ඉදිරියට යන හැටි පොලිස් කොමිසමෙන් උපදෙස් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ’’යුක්තිය මෙහෙයුම’’ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත. 12 January 2024
ලංකාව ගැන මූල්‍ය අරමුදල සතුට පළ කරයි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ. 12 January 2024
ඔන්ලයින් පනත ලබන 23-24 විවාදයට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය. 12 January 2024
කතකගේ උදරයෙන් තෙල් ලීටර් 13ක් ඉවත් කරයි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොෂක්සන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව ඇත. 12 January 2024
වැලිකන්දේදී ජිප් රියක් දුම්රියක ගැටේ මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට අද සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් ගත් ජීප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 12 January 2024
කන්දකාඩු ගුටිකෙළියෙන් 25ක් රෝහලේ: 50ක් පැනයති වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (12) සවස ඇති කරගත් ගැටුමකින් රැඳවියන් විසිපස්දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 12 January 2024
ජාතික රෝහලේ රෝගීන්ට රෑ කෑම මධ්‍යම රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 12 January 2024
සී.අයි.ඩීයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. 12 January 2024
කෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද (12)පැවසීය. 12 January 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026