මහ පැරකුම් සමුදුරට මැදි වූ සද්ධන්තයන් පොලොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති. 11 January 2024
ඉසුරු සොයා එතෙර ගිය කත ගෑස් සිලින්ඩරයෙන් අවසන් ගමනේ සෞදියේ රියාද් හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ පෙර විදෙස් ගත වූ මැදිරිගිරිය දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මිය ගොස් ඇති බවට දැනුම් දී ඇතැයි ඇගේ ඥතීහු කියති. 11 January 2024
ගුවන් නියමුවා පැහැරගෙන අලි ජංජාලයක් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත. 11 January 2024
ගම්වතුරට යට වූ මඩකළපුවේ ගමක් තනිවේ මාදුරුඔය, කුඩාඔය සහ පූනානි විල්ලූව පිටාර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි එකම සිංහල හා තවත් ගම්මාන කීපයක් දින හතරක් තිස්සේ ජලයෙන් යටවීම නිසා තමන් දින හතරක කාලයක සිට ආහාර සපයා ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව පුනානි ගම්වාසීහු සඳහන් කරති. 11 January 2024
සිමෙන්ති ලොරිය ගඟේ ගිහින් ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති මිටි 600 ක් පටවාගත් ලොරි රථයක් වාලච්චේන හරහා, හම්බන්තොට දක්වා ධාවනය කරද්දී වාලච්චේන පූනානි ප්‍රදේශයේ ගංවතුර මැදිව ලොරි පෙරළී අනතුරට ලක්ව ඇති බව වාලච්චේන පොලිසියේ සඳහන් කරයි. 11 January 2024
පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක් සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. 11 January 2024
සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රිමාන්ඩ් සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු අද (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට තබන ලෙස මහේස්ත්‍රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කළේය 11 January 2024
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්’ ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන ඇත. 11 January 2024
’’පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා’ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 11 January 2024
‘හරක් කටාගේ පෙත්සම සළකා බලන්න දිනයක්’ නීතියට පටහැනි අන්දමින් රහස් පොලීසියේ රැඳවුම් භාරයේ රඳවා ගෙන සිටින තමන් වහාම මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්න නැමැත්තා අධිකරණයේ ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 11 වැනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 January 2024
ඇල්ලේ පවුල් 10ක් ඉවත් කරයි නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වාහම ඉවත් කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය. 11 January 2024
දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් වටවි තිබෙන බව දිඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් පැවසිය. 11 January 2024
ඒක පාටියක් නෙවෙයි වරායේ පැවැත්වුණේ පාටියක් නොව මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක් බව වරාය නාවික සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 January 2024
ජනපතිට වැඩියෙන්ම කෝල් දෙන අය ගැන හෙළිදරව්වක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බව පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 January 2024
’’හාල්මැස්සෝ නැතුව තෝරු මෝරු අල්ලන්න’’ වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමැති රට තුළ ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැසන් වෙනුවට හැකිනම් තෝරු මෝරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය. 11 January 2024
ලූනු ගෙඩියක්, කැරට් අලයක් අරගෙන යන ජනතාව ගැන දුකයි ආර්ථිකය හරියට කළමනාකරණය නොකළොත් රටේ සියලු ජනතාවට ටින් එකක් අරගෙන රටවල් ගානේ ගොස් සිඟා කන්නට සිදුවනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 11 January 2024
ආණ්ඩුවේ සංවර්ධන වැඩ ජුලි 31ට පෙර අවසන් කරන්න දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදු කෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 11 January 2024
මන්ත්‍රීවරුන්ට මේ අවුරුද්දේ විමධ්‍යගත මුදල් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුටත් මේ වර්ෂයේදීත් විමධ්‍යගත මුදල් වෙන් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 January 2024
මීනගයා - උදය දේවී අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට(12) පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. 11 January 2024
දරුවන් -කතුන් 28 ලක්ෂයකට හරි කෑමක් නෑ කාන්තාවන් සහ ළමුන්ගෙන් විසි අට ලක්ෂයක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 January 2024
සජබ 30 වැනිදා පාරට බසී වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 January 2024
ක්‍රිකට් තහනම අවසන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 January 2024
පොලීසියට භූමිතෙල් බෝම්බගැසූ දෙකක් අල්ලයි යාපනය, කයිට්ස් මණ්ඩතිව් හි පොලිස් මුරපොලෙ රාජකාරියෙ නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකළ දෙදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි. 11 January 2024
ආදි වාසීන්ට පනත් පොජ්ජක් ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වැනිදා වන විට අවසන් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට අද (11 ) උපදෙස් ලබා දුන්නේය. 11 January 2024
හිටපු යුද හමුදා සාමාජිකයාගේ ඝාතනයට අයෙක් සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් අද (11) අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය 11 January 2024
’’තරුණයන්ට රැකියා නැහැ නමුත් ටින් අංක දෙනවා’’ ට්න් අංකය තරුණයන්ට මහ වදයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 January 2024
සුද්දො ඇවිත් වැට් නොගෙවා අපේ සල්ලි රට පටවනවා ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 January 2024
ජනපති මැද පෙරදිග තානාපතිවරුන් කැඳවයි මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවක් කැඳවා තිබේ. 11 January 2024
මුහුදේ පාටිය මෘග ක්‍රියාවක් රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද පාටියක් දැමීම මහ මෘග ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 January 2024
රෝහල්වලට යුද හමුදාව යොදවයි සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ. 11 January 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026