
(අංජුල මහික වීරරත්න)
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ කොළඹ වරායේ සෞඛ්‍ය ධාරිතාවන් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර සංචාර කටයුතු හා ව්‍යාපාරික සංචාර වලින් උපයන ආදායම මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැදී ඇති බැවින් බාධාවකින් තොරව රටට ඇතුළු වීමේ ස්ථාන ක්‍රියාත්මක කිරීම, සංචාරකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමත් සහ සංචරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සමඟ අනුකූල වන පරිදි දේශ සීමා මායිම් හරහා ඇතුළු වීමේ ස්ථාන පිළියෙල කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.
ඒ අනුව ඇතුළු වීමේ ස්ථානවල දේශසීමා ආශ්‍රිත සෞඛ්‍ය පෙර සූදානම, ආසාදිත රෝග පාලනය සඳහා සෘජුව දායකවීම සහ විවිධ හදිසි සෞඛ්‍ය ආපදාවන්හිදී සියලුම මගීන්ගේ කාර්යමණ්ඩලයේ හා ඇතුළු වීමේ ස්ථාන වල කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවය සමස්තයක් ලෙස වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින් සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හරහා ජපානයෙන් මිලියන 1170 ක ප්‍රදානයක් ලබා දී ඇතැයි ද රජය කියයි.
එම ප්‍රදානය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය සහ මාල දිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටට එන තැන්වල සෞඛ්‍ය ආරක්ෂාව තර කරයි