සිරකරුවෝ උසාවි සිර කුටියේ ගුටි කෙලගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දින බන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි සිර මැදිරිය තුලදී සිදු වූ ගුටි බැට හුවමාරුවක් නිසාවෙන් ඇති වූ නොසන්සුන්තාව බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසයි. 16 February 2024
බඹර පහරින් සිසුන් 27ක් රෝහලට මාවනැල්ල නගර මධ්‍යයේ අමතර පංතියක බොක්සිං ක්‍රීඩාව ඉගනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් ඇතුළු 30 දෙනෙකුට අද (16) වැනිදා සවස බඹර ප්‍රහාරයකට ලක්ව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 February 2024
රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කරනු ලැබූ ’’ අකුරට වැඩ කිරීමේ ’’ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16 ) අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය 16 February 2024
ශ්‍රීලනිප දෙදෙනෙක් සජබට කරනමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 16 February 2024
සනත්ට ශෝකය පළ කරන්න විවාදයක් අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 16 February 2024
කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ. 16 February 2024
රටේ තත්වය ගැන විවාදයක් 21 රටේ වර්තමාන තත්වය පිළිබඳව සභාවේ කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 16 February 2024
විරෝධයට හෝරා ස්ථම්භයට නැඟ වහලෙත් කඩන් වැටිලා තමන්ට පුද්ගලයකු පහර දුන්නැයි පවසමින් එයට විරෝධය පා පොල් කැඩිමේ නිරත පුද්ගලයකු අද(16 ) මාදම්පේ නගයේ පිහිටි හෝරා ස්ථම්භයට නැග විරෝධය නිරත වද්දි වහලය කඩාගෙන එම ගොඩ නැගිල්ල ඇතුලට වැටිමේන් තුවාල ලබා රෝහල් ගත කල බව මාදම්පේ පොලිසිය පවසයි. 16 February 2024
කෙහෙළියට-ජයම්පතිට එරෙහි අල්ලස් නඩුවේ විරෝධතාවේ තීන්දුව මාර්තු 7 නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව මාර්තු 07 වැනිදා ප්‍රකාශයට පත් කරන බ 16 February 2024
සිසුවියක සමූහ දූෂණය කළැයි පිය - පුතු අල්ලයි මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාතී වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 16 February 2024
එල්.පී.එල් 2024ට දින නියම කරයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 16 February 2024
සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානයට වටකරගෙන එම රෝහලේ සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. 16 February 2024
වැලි ගේන්න ගිය සෙබළා මල්වතු ඔයට බිලි වව්නියාව පරයනාලන්කුලම පෙරිය කට්ටු යුද හමුදා කඳවුරේ අලුත් වැඩියාවක් සදහා වැලි ගෙන ඒමට ගිය යුද හමුදා සෙබළෙකු මල්වතු ඔයේ ගිලී මිය ගොස් ඇතැයි පරයනාලන්කුලම පොලිසිය පවසයි. 16 February 2024
යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමියන් මාට්ටු විදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දැනුම්දීම්ලට අනුව යතුරුපැදියෙන් ගොස් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ අඹුසැමි යුවළක් කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය. 16 February 2024
තලෙයිමන්නාරමේ දැරියක් අපයෝජනය කර මරා දාලා ? ප්‍රදේශය නොසන්සුන් තලෙයිමන්නාරම, උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි. 16 February 2024
සිස්ටම් චේන්ජ් පුළුවන් රනිල්ට විතරයි රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 February 2024
සිසුවා කසිප්පු බී පාසල් ඇවිත් පස්සර ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙක් කසිප්පු පානය කිරීමෙන් පසු ඇති වූ ආසද්මිකතාවක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 16 February 2024
කතරගම ඩිපෝවේ වර්ජනය අවසන් ඉකුත් ජනවාරි මාසයට අදාල වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කතරගම බස් ඩිපෝවෙි රියදුරු, කොන්දොස්තර වරුන් ඇතුළු සේවකයින් ඊයේ (15) අළුයම කාලයේ සිට ආරම්භ කල වැඩ වර්ජනය එදිනම හැන්දෑ කාලයේ අවසන් කල බව සේවකයෝ පවසති. 16 February 2024
දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම ඉහළට දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී. 16 February 2024
අම්පාර ලංගම ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් ඉවතට ලංගම බස් රථ අලුත්වැඩියා කිරිමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ අංක 5430 බස් රථය අලුත්වැඩියා නොකර ඒ වෙනුවට එම අංකය 5432 බස් රථයට දමා කොළඹට යැවිම පිලිබදව සිදුකරන ලද වංචාවට අම්පාර ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් පහකල බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසිය. 16 February 2024
ජනපති -ඊශ්‍රායල ඇමති හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. 16 February 2024
කැති මිටෙන් පහරදී බිරිය මරලා කැති මිටකින් පහරදි අද(16) සිය බිරිද ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 16 February 2024
වස කිරි සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු ෆාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 16 February 2024
මහකනදරා වතුර බෙදන හැටි ඇමති පහදයි වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් ජල ව්‍යපෘතිය සඳහා මහකනදරා වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ගොවි ජනතාව හමුවේ පැවසීය. 16 February 2024
හක් බෙල්ලන් තොගයක් සමග අයෙක් මාට්ටු නීති විරෝධිව හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි බව කියන පුද්ගලයෙක් මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය. 16 February 2024
ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි කරයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් රජය පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කළේය. 16 February 2024
ක්ලාන්තයවූ තරුණිය කොත්මලේ ජලාශයට වැටිලා තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට වැටුණු තරුණියක් තලවකැලේ නගර වැසියන් හා පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන තිබිණි. 16 February 2024
අනාරක්ෂිත දුම්රිය මඟට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සිදුවු ස්ථානයේදී විරෝධතාවක් යාපනයේදී පැවැත්විණි. 16 February 2024
කිරි කපන්නෝ NVQ-3 සහතික ලබති රබර් කිරි කපන්නෝ 169 දෙනෙක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පත් ලැබූහ. 16 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026