IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බාල බෙහෙත් ගෙනත් කෝටි 15ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය  2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී  රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස31 වැනිදා වනවිට තත්වයෙන්  අසමත්, කල් ඉකුත් වූ  සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි 34කට වැඩි බවත් සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානි වූ ඖෂධ වල මුළු පිරිවැය කෝටි හයක් බවත් වාර්තාවේ දැක්වේ.

ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් ඖෂධ වල මුළු පිරිවැය කෝටි තුනකට වැඩි මුදලකින් දෙකෝටි  තිස් හය ලක්ෂයක මුදලක් පසුගිය වසරේ මාර්තු 31 වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර අසාධු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ කෝටි තිහකට වැඩි මුදලක් අය කර ගැනීමද අවිනිශ්චිත තත්ත්වයක පැවතුණු  බව විගණන නිලධාරීහු පවසති.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

බාල බෙහෙත් ගෙනත් කෝටි 15ක් වතුරේ

පිටරටවැසියා Saturday, 06 April 2024 03:22 PM

මරණීය දණ්ඩනය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුමයි. නැතිනම් මේවායේ කෙළවරක් කවරදාකවත් දක්නට නොලැබෙනු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site