ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය වැඩි කිරීම අවදානමක්
කුඩා දරුවන්, ගැබිණි සහ කිරිදෙන මව්වරු පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ආහාරයට ගන්නා ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවත් ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.