රිය අනතුරින් පියා මරුට දියණිය රෝහලේ යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය කියයි. 18 December 2024
ජනපති යළි දිවයිනට ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 18 December 2024
හෝමාගම නිවසකට වෙඩි හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 18 December 2024
අදත් වැසි වාර කිහිපයක් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 December 2024
චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූවාය. 17 December 2024
දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 කින් ඉහළට මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිවේදනය කළේය. 17 December 2024
යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි. 17 December 2024
කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු ඔවුහු අසනීපව අද (17) දා රෝහල් ගත කිරීමට විරෝධය දක්වා සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසල සිට අද (17) දා රාත්‍රියේ පන්දමි දල්වමින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරත වූහ. 17 December 2024
දඩයමේ ගිහින් වෙඩිතබා ඝාතනය කරලා සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි. 17 December 2024
ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය. 17 December 2024
‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘ ජාතික ජන බලවේග රජයේ සාමූහික ශක්තිය අවතක්සේරුවෙන් හිතන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (17) පැවසුවාය. 17 December 2024
හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 December 2024
රනිල් ’’අනුර-මෝදි’’ ප්‍රකාශයේ ගුණ කියයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී සහ ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 December 2024
තරුණියට අතවර කළැයි කියන සංගීත විශාරදට ඇප 25 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට සංගීත විශාරදවරයෙක් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 17 December 2024
ළදරු කළලය ගබ්සා කළ මව රිමාන්ඩ් සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන දෙමටගොඩ ප්‍රදේශයේ එක් දරු මවක් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (17) නියෝග කළාය. 17 December 2024
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලේ කෝටි ගණනක් පිට පාරෙන් අරගෙන මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. 17 December 2024
නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන කෙනෙක් පැවසී යැයි වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 December 2024
කොටස් වෙළඳපොලේ වාර්තාගත වර්ධනයක් කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව 36.1 කින් ඉහළ ගොස් ඇති බවත් තෝරාගත් සමාගම් 20 කින් සමන්විත එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 41.76 කින් ඉහළ ගොස් ඇති බවත් කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාල කළමනාකරු නිශාන්ත වටගල්ල මහතා පැවසීය. 17 December 2024
නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි ’’ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය. 17 December 2024
දයාසිරි ශ්‍රිලනිප විනය කමිටුවට සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය. 17 December 2024
එන්නතකින් පසු සරසවි සිසුහු හතක් රෝහලට ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ. 17 December 2024
ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවාට අධි චෝදනා ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කෙරෙහි අධි චෝදනා පත්‍ර භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම ක්ළේය. 17 December 2024
මට වෛද්‍ය සහතිකේ තියෙනවා තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 December 2024
හිටපු සුරා බදු කොමසාරිස්ට රට යන්න අවසර පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන්නාය 17 December 2024
මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රදර්ශනයට පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 17 December 2024
මන්ත්‍රී අර්ජුන්ට එරෙහි පෙත්සම ලබන වසරේ විභාගයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට කළ පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 15 වන දින සලකා බැලීමට අද දින නියම කළේය. 17 December 2024
අපේක්ෂකයන් 1040 දෙනකුට මැකෝගෙන් නඩු පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා භාර නොදී පැහැර හැරි අපේක්ෂකයන් එක්දහස් හතළිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 17 December 2024
ජාජබ මන්ත්‍රීගෙන් කාවින්දට අභියෝගයක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) තමාගේ සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ සභාගත කළේය. 17 December 2024
සහල් ටොන් 9,500ක් ආනයනය කරයි වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (17) දහවල් වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 9,500 ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 17 December 2024
ගිනි ගානට හාල් වික්ක 6කට ලක්ෂ හතක දඩයක් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට රුපියල් ලක්ෂ හතක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 17 December 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026