IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී  ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි.

ඒ අනුව, ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟද, අනතුරුව, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

එසේම, හිටපු බ්‍රිතාන්‍ය අගමැති  ටෝනි බ්ලෙයාර් මහතා හමු වී සාකච්ඡාවක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන් අනතුරුව පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා සමඟින්  ද්විපාර්ශ්වික වශයෙන් වන වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවෙහි නිරත වනු ඇත.  

එසේම ජනාධිපතිවරයා,  ඔරකල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟද සාකච්ඡාවෙහි නිරත වීමට අපේක්ෂිතය.  

පස්වරුවේදී කුවේට් අගමැති එච්.එච්. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා හමු වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුවේට් අගමැතිවරයා සමඟින්ද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල  නිරත වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද රාත්‍රියේදී, පුල්මන් නගර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රජා වැඩසටහනට සහභාගී වීමටද අදහස් කරයි. 

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

 



අදහස් (0)

ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
2025 මැයි මස 08 227 0

මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ


කෝසලගේ පුටුවට ආ සමන්ත දිවුරුම් දෙයි
2025 මැයි මස 08 101 0

ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය


වතිකානයෙන් තවමත් කළු දුම
2025 මැයි මස 08 789 0

පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට


බස්- ලොරි ගැටී හතරක් රෝහලට
2025 මැයි මස 08 186 0

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන


අකුණු සැරෙන් ගොවියාට දිවි අහිමි වෙයි
2025 මැයි මස 08 115 0

මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.


මියන්මාරයේ කඳවුරුවල සිරව සිටි ශ්‍රී ලාංකික පිරිසක් යළි මව්රටට
2025 මැයි මස 08 383 0

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1097 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 267 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site