
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකදී තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය එසේ පැවසුවාය.
සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා සමග පැවති එම නිල සාකච්ඡාවට, ඉන්දු පැසිපික් කලාපීය සම්බන්ධීකාරක ජස්ටින් ආර්. බික්ලෙ මහතා සහ ඉන්දු පැසිෆික් කලාපීය විශේෂඥ ජීවිකා ආරච්චි මහත්මිය ද එක්වූහ.
සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබව සැකවින් විමසූ තානාපතිනිය, බිමල් රත්නායක අමාත්‍යතුමා අමාත්‍ය ධූරය දරණ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ද පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඇත්ත ජනාධිපති.
මෙම කාන්තාව වහාම ආපසු කැඳවන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්න. ඇය 2022 සිට රට නරක් කරයි
මහා ලොකු ධනපති විරෝධී කයිවාරුකාර විප්ලවවාදීන්ගේ ඇඳි වත නිතිපතා උනා දමන, අප රටේ මෙම නොනිල නායිකාව නැත්තං, අප තාමත් සිතා සිටින්නේ මාලිමාවරුන් යනු වැඩ්ඩන් පිරිසක් බවය.
usaid වලින් කරපුවාට ස්තුති කරන්න ඇති ?
ඔහොම හිනාවෙලා තමයි මේ ගෑනි ගේම දෙන්නේ.
මෙයාට පාර්ලිමේන්තුවේ තනතුරක් දුන්නනම් අරි. ජෙපෝන්ව ගේනාවෙත් මේ අයනේ.
නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී හම්බවෙන ෆෝටෝ දානවා, නොනිල වශයෙන් හම්බවෙන්නේ පැලවත්තේ. ඒවා වල ෆෝටෝත් නෑ, කතා උන දේවල් දැනෙත් නෑ. අනේ කාලේ වනේ වාසේ.