(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ පුබුදු මාවත නො, 51 / 03 හි නිවසේ පදිංචි ගංගොඩවිලගේ දොන් ගාමිණී රණතුංග (62) හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා වෘත්තියෙන් පොල් කඩන්නෙකු වන අතර ඔහු සියඹලාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ දම්සැරි උයන ප්‍රදේශයේ දූවිලියා ගහ ඉඩමේ අඩි 47 පමණ උස ගසක පොල් කැඩීම සඳහා නැග තිබේ.
ගසට නැග පොල් කඩමින් සිටියදී ගසෙහි බිම සිට අඩි 15 පමණ ස්ථානයෙන් කද කොටස කඩා වැටී ඇති අතර එම අවස්ථාවේදී ගස මුදුනෙහි සිටි පුද්ගලයා අඩි 32 පමණ ඉහල සිට බිමට වැටී තිබේ. එම අවස්ථාවේදී බිමට වැටුනු කද කොටස මෙම පුද්ගලයාගේ හිස මතට වැටී ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මග
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට