
(පද්මසිරි ගාර්දියවසම් සහ එම්. කේ. නන්දසේන.)
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි .
අද (11) උදේ 8.30 ට පමණ මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත. ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
උදේ ආහාර පිළියෙළ කිරීමට යාමේදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි . තුවාල කරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට මාරුකර යවා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට තිබෙන ගෑස්වල ප්‍රමිතිය සැක සහිතයි. මාසයක් පාවිච්චිවන සිලින්ඩරය දැන් දින විසි එකෙන්ම ඉවර වෙනවා. අමතර ඉවුම්පිහුම් කිසිවක් නැත.