
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙක්සිකෝ බොක්ක "ඇමෙරිකා බොක්ක" ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
එසේම විධායක නියෝගයට අත්සන් තැබූ පෙබරවාරි 9, ඇමෙරිකානු ගල්ෆ් දිනය ලෙස ජනපති ට්‍රම්ප් නම් කර තිබේ. "ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන නම් ප්‍රතිෂ්ඨාපනය කිරීම" (විධායක නියෝගය 14172) යන මාතෘකාවෙන් යුත් මෙම නියෝගය දින 30 ක් තුළ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා ජනපති ට්‍රම්ප් උපදෙස් ලබාදී ඇත.
ඇමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙක්සිකෝ බොක්ක ලෙස නම් කර තිබූ කොටස ඈත අතීතයේ සිට ඇමෙරිකාවට මහත් සම්පතක් වූ බවත් එය ඇමෙරිකාව කොටසක් බවත්ය. ඒ හේතුවෙන් ඇමෙරිකාවට අයත් එම කොටස ඇමෙරිකා බොක්ක ලෙස නම් කිරීමට තීරණය කළ ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි
Perera Monday, 10 February 2025 11:08 PM
ඇමෙරිකාවේ දැවෙන ප්‍රශ්නයක් වෙන්න ඇති ඔය ආපු ගමන් විසඳුවේ
Abey Mapalagama Monday, 10 February 2025 11:47 PM
මේක 'ට්‍රම්ප් බොක්ක' කියලා දැම්ම නම් නියමයි නේ
සෙනරත් Tuesday, 11 February 2025 05:51 AM
මගේ බොක්කෙ නමත් වෙනස් කරගන්න කාලෙ ඇවිත්
janahitha Tuesday, 11 February 2025 08:50 AM
ට්‍රම්ප් මෙලානියා අපේ බොක්ක
janahitha Tuesday, 11 February 2025 08:51 AM
ජබොස් කියලා දැම්මා නම් කොහොමද?
අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 09:31 AM
අපිට කමක් නැහැ ලොක්කා ඔයා ඕකට ට්‍රම්ප් බොක්ක කියලා දා ගත්තත්.