
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 ජේ ඒ කේ පි ජයකොඩි යන ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේය
සැකකාර කොස්තාපල්වරයාට ඉකුත් 8 වෙනි දින සවස හයේ සිට පසු දින උදෑසන හයදක්වා කහට විට මාවත පාලම අසල මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි
ඒ අනුව කොස්තාපල්වරයා. එම රාජකාරියේ නිරත වීමසඳහා අවි ගබඩාවෙන් අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම ජීව උන්ඩ 30 ක් ලබාගෙන පිටවීමේ සටහන් ඇතුළත් නොකර පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබිණි
එදින කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරියට වාර්තා නොකර එයින් පැය හතරකට පසු ඩුබායි රාජ්‍ය කරා පලා ගොස් තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තුවක්කුවයි උණ්ඩ ටිකයි ගෙදර තියාලා යන්න ඇති, ගුවන්යානයට වෙලාවට යන්න ඕන නිසා. ගෙදර බැලුවනම් ඇති ඕවා