කඳපොළ ජනපද දෙකක් යටවේ රාගල සහ කදපොළ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග රාගල හෙනේගල ප්‍රදේශයේ ජනපද දෙකක් ජලයෙන් යට වීම හේතුවෙන් එහි පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසීය. 27 November 2025
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්: සුනාමි අනතුරු ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් රික්ටර් පරිමාණයේ 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය. 27 November 2025
වැස්සෙන් සුළඟින් උතුරේ ජන ජීවිතයටත් බාධා නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුළං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 400 කට අධික පුද්ගලයින් 1500 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි. 27 November 2025
වෙළදසැලක සිරවී සිටි පිරිසක් බේරා ගැනෙති නුවරඑලිය ලෝෂන් වීදිය වෙළදසැලක වැසි ජලයෙන් යට වී සිටි පිරිසක් අද (27) මුදා ගැනීමට නුවරඑලිය ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත. 27 November 2025
රුවන්වැල්ලට අනතුරු ඇඟවීමක් කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන හෙයින් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහත් බිම් වල ජනතාව ඉදිරි පැය 24ක කාලයේදී සැලකීමෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 27 November 2025
පොළොන්නරුව-මඩකළපුව පාර මනම්පිටියෙන් වහයි පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමඟ අද (27) අලුයම සිට එම මාර්ගය වසා දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. 27 November 2025
බෙන්තොට පැරැණි පාලම ගිලාබසි ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. 27 November 2025
බදුල්ල - මහනුවර ආපදාවලින් 24ක් මරුට:තවත් පිරිසක් අතුරුදන් බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල සිදු වූ නාය යාම් හේතුවෙන් 24 දෙනකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය කියයි. 27 November 2025
ගුවනින් ගිය උ.පෙළ පේපර් යළි ගුවනින්ම එයි පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාපනය නෙඩුන්තීව් දූපතේ පිහිටි විභාග මධ්‍යස්ථානයට රැගෙන යන ලද උසස්පෙළ විභාග ප්‍රශ්නපත්‍ර සියල්ලක්ම නැවත යාපනය උතුරු පලාත් අධ්‍යාපන කාර්යාලයට ගුවනින් රැගෙන ඒ්මට අධ්‍යාපන බලධාරීන් ඇතුලු ගුවන්හමුදාව විසින් ඊයේ (26) සවස පියවර ගනු ලැබීය. 27 November 2025
ආපදා ගැන ජනපති හදිසි රැස්වීමක් කැඳවයි අයහපත් කාලගුණය හේතුවෙන් රටේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා තිබේ. 27 November 2025
මහරගම නගරයේ කාන්තා මළ සිරුරක් මහරගම නගරයේ බෝගහ අසළ වෙළඳසැලක් ඉදිරිපිට මිය ගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද (27) හමුවී ඇති බව පොලීසිය කියයි. 27 November 2025
විමලසුරේන්ද්‍ර වාන් දමයි නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය අද (27) උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන ඇත. 27 November 2025
ඌවේ දරුණු ආපදා රැසක් ජීවිත හානි වාර්තා වේ බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට දිවා රාත්‍රී අකණ්ඩව පවතින තද වැසි හේතුවෙන් ඉතා දරුණු ආපදා රැසක් මේ 27 උදෑසන වන විට වාර්තා වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. 27 November 2025
හොංකොං තායිපෝ හි මහල් නිවාසයක මහ ගින්නක් හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) පස්වරුවේ ඇති වු ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් , 45 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව හොංකොන් බලධාරීන් මාධ්‍ය වෙත නිවේදනය කළේය 27 November 2025
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සමග සුළං ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට අවපාතයක් දක්වා මඩකළපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 November 2025
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 27 November 2025
අද හෙට උසස් පෙළ නොපැවැත්වේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. 27 November 2025
පහළ කඩුගන්නාවෙන් පාර යළි වහයි නැවත දැනුම් දෙනතුරු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද(26) රාත්‍රී 10 සිට යළිත් වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 27 November 2025
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වහයි විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවදානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි. 26 November 2025
හල්දුම්මුල්ලේ පවුල් 111 ක් නිවෙස්වලින් ඉවතට පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් අද (26) පස්වරුවේ මීට සුලු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 26 November 2025
සිනමාවේ නොවිසඳුන ගැටලු වලට ජනපතිගෙන් විසැඳුම් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 November 2025
රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමාකරයි වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ආපදා තත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අද (26) සිට නැවත දැනුම්දෙනතුරු සීමාකිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය. 26 November 2025
බදුල්ල - කොළඹ පාර හපුතලෙන් අවහිර වේ පවතින වර්ෂාව සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ නගරය ආසන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ පස් කන්දක් කඩා වැටී සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලිසිය පැවසීය. 26 November 2025
අම්පාරට ගංවතුර අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ඇතුලු ප්‍රධාන වැව් හතක් ජලයෙන් පිරෙන්නට පටන් ගෙන ඇති අතර කලුගල්ඔය වැව වාන් දමමින් පවති . 26 November 2025
සජබ තීරණය එජාපය පිළිගනියි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී. 26 November 2025
බඩ ඉරිඟුවලට සහතික මිලක් නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩ ඉරිඟු සඳහා සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 26 November 2025
කුඩු සමග ඇල්ලූ සජබ අපෙක්ෂක ඇතුළු පිරිස රිමාන්ඩ් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයටත් ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් කිලෝ 300කට අධික මත්ද්‍රව්‍ය තොගය ආනයනය , සන්තකයේ තබා ගැනීම , ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කල සමගි ජන බලවේගය පක්ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂක ඇතුළු සැකකාර ධීවරයන් හත් දෙනා ලබන 09 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 26 November 2025
හලාවත දුම්රිය අනතුරින් අයෙක් මරුට කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද දහවල් කාළයේදි කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 26 November 2025
මහනුවර - මහියංගන පාර භාවිතා කරන්න එපා ( මොහොමඩ් ආසික්) මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 26 November 2025
නුවරඑළියට ගංවතුර මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ පහත්බිම් රැසක් අද සවස ජලයෙන් යට විය. 26 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025