හොර යතුරුපැදි එන්ජින් සමඟ ව්‍යාපාරිකයා අල්ලයි යතුරුපැදි එන්ජින් හොර රහසේ ආනයනය කර යතුරුපැදි එකලස්කර විකිණීමේ යෙදුණු බව කියන ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා යතුරුපැදි එන්ජින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 20 March 2026
යුද්ධය අවසන් වන දිනය කියන්න බෑ ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි. 20 March 2026
දිගටම යුද්ද කරනවා - නෙදන්යාහු ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 20 March 2026
පැමිණිල්ලට බයේ සිරුරට ගිනි තියාගෙන මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 20 March 2026
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා මාට්ටු රුපියල් පන් කෝටි දහ හතර ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග අද(20) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 20 March 2026
මිත්තනිය සමග දි නෑ දැරිය කිඹුලාට බිලි මරදන්කඩවල හිණුක්කිරියාව වැවේ කිඹුලකු, දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක ඩැහැගෙන ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය හතරක මෙහෙයුමකින් පසු සොයා ගෙන රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 20 March 2026
පුංචි ඉන්ධන ගබඩාවක් කොබවකින් සොයා ගනී බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 20 March 2026
රාගම වෙඩික්කරුගේ තොරතුරකින් ගිනි අවි උණ්ඩ සොයා ගනී රාගම බටුවත්ත ප්‍රදේශයේ දී ආමි උපුල් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරුගේ නිවස ඉදිරිපිට වල දමා තිබූ බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 14 ක් සහ ජාඇළ ප්‍රදේශයේ සඟවා තිබූ යතුරු පැදියක් සොයා ගත්බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 20 March 2026
සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස දේශපාලන හිතවතුන්ට දීලා-අල්ලස් කොමිසම නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව සඳහා ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපතිවරයකුගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද පැවැසීය. 19 March 2026
බලපත්‍ර නැතිව ඉන්ධන තබා ගත්තාට මාස දෙකක් හිර ගෙට බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහා මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) දින නියෝග කළේය. 19 March 2026
උහනට වැස්ස සමග තද සුළං උහන කෝමාරිය, නැගෙනහිර සහ බටහිර තිස්සපුර, ගම්මාන හරහා අද සවස පැවති වැසි සමග හමාගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 15 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බව, ගම්වාසීහු පවසති. 19 March 2026
ඉන්ධන මිලට සහනාධාර ක්‍රමයක් සොයන්න බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන ආකාරයට ඉන්ධන මිල කළමනාකරණය සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 19 March 2026
පාස්කු ප්‍රහාර විවාදය අප්‍රේල් 09 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 9 වැනිදා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 19 March 2026
ලෝකාන්තායට වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය බේරා ගැනෙති හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ දී අනාරක්ෂිත ලෙස සෙල්ෆියක් ගැනීමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට ඇද වැටී ගසක අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඇය මුදවා ගැනීමට හැකි වූ බව හෝටර්තැන්න ජාතික වන උද්‍යානයේ කළමණාකරු මංජුල මොනරතැන්න මහතා පැවසීය. 19 March 2026
කුලියාපිටිය හෙල්මට් චන්ඩියා මාට්ටු නිවැරදි මන්තීරුවේ ගමන්ගත් අයකුට වැරදි ලෙස යතුරු පැදියක් ධාවනය කර ගැටීමට සලස්වා නිවැරදිව යතුරු පැදිය පැද වූ පැදිකරුට ආරක්ෂක හිස්වැසුමෙන් පහරදුන් බව කියන තරුණයක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 19 March 2026
අපට වඩා හොඳ සැලසුමක් විපක්ෂයට තිබේ නම් කියන්න විපක්ෂයට පවතින ආණ්ඩුවට වඩා රට ගොඩදාන්න මොකක් හෝ විශිෂ්ට සැලසුමක් තිබෙනවාදැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළාය. 19 March 2026
තෙල් ගන්න රටවල් තුනක උදව් රටට ඉන්ධන ගැනීමට චීනය රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 March 2026
ආසියාවේ සතුට අඩුම ලංකාවේ ලෝක සතුටු දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට ශ්‍රී ලංකාවේ. 19 March 2026
මැද පෙරදිග ලාංකිකයන් රකින්න වැඩපිළිවෙලක් මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුද තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියා වල සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හා එක්ව වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 19 March 2026
ඇමරිකා නියෝජිතයෝ ජනපති හමු වෙති මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් මහතා ප්රමුඛ නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19)සිදු විය. 19 March 2026
රෝගීන් 1000කගේ ඇසේ සුදට සැත්කම් ඇසේ සුද මතුවීම නිසා පෙනීම අහිමි වූ රෝගීන් 1000 ක් සඳහා ශල්‍ය කර්ම කිරීමේ විශේෂ වැඩසටහනක් එළඹෙන මාර්තු 21 හා 22 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදින ක්‍රියාත්මක කරන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. 19 March 2026
‘‘කපිලට ලැබුණු අල්ලසින් කෝටි අටක් මහින්දට - ප්‍රියංකරට දීලා‘‘ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය. 19 March 2026
ආණ්ඩුවේ මහා පොදු සාධකය බිඳ වැටිලා ආණ්ඩුවේ මහා පොදු සාධකය වන වචන වල විශ්වාසය මේ වන විට බිඳ වැටී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2026
ආයෝජනයට හිතකර පරිසරය වේගෙන් ඉදිරියට අලුත් පාලනය යටතේ ආයෝජනයට හිතකර පරිසරය ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 19 March 2026
වියට්නාම් තානාපතිනී ටිල්වින් හමුවෙයි වියට්නාම් තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 19 March 2026
ඉන්ධන ලීටර් 604ක් සමග කඩේ මුදලාලි මාට්ටු නීති විරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604 ක් ළඟ තබා ගෙන සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මීගස්වැව පොලිසිය කියයි. 19 March 2026
’’නොරොච්චෝලේ හත් අට වතාවක් කැඩිලා’’ ගල් අඟුරු ප්රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දිනයේද සාකච්ඡා කෙරිණ 19 March 2026
රනිල්ගේ ශල්‍යකර්මය සාර්ථකයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක් කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 19 March 2026
රට ඇතුලේ කිසි අර්බුදයක් නෑ අර්බුදයට මුහුණ දීමේ වගකීම ආණ්ඩුව අකුරට ඉටු කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2026
කිරිඳිවැල අභිරහස් ඝාතනයක් කිරිඳිවැල ඉස්සල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී 80 හැවිරිදි එක්දරු මවක අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 19 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026