
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය පව්වේ ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ මහ රෑ හැමරයකින් මහපොළොව හාරමින් සිටී ජල සම්පාදනයේ සේවකයන් බව කියන දෙදෙනකු ඇතුළු තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
සීගිරියේ අභය භූමියේ අධි සංවේදී කලාපයේ යම්කිසි පිරිසක් නිදහන් හාරමින් සිටින බවට සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානී වන සත්ව නියාමක එස්.එස් මලින්ද මහතා වෙත රාත්‍රියේ තොරතුරක් ලැබී තිබිණි.
වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා කණ්ඩායමක් සමග ගොස් වැටලීමේදී ජල සම්පාදන මණ්ඩලයට අයත් බවට සැලකෙන රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කොට නවතා තිබූ තීරෝද රථයක් දැක තිබේ.
පසුව එහි පුද්ගලයන් තිදෙනකුට මහපොළොව කැණීම් කරමින් සිටින අයුරු දැක ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සඳහන් කොට ඇත්තේ ඔවුන් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් බවත් එම ආසන්නයේ නිවසක ජලය සම්බන්ධතාවය ලබාදීම සඳහා කටයුතු කරන බවය
මධ්‍යම රාත්‍රියේ මේ ආකාරයෙන් ජල සම්පාදනය බාදීම සිදු කරන්නේද යන්න දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී පිළිතුරක් නොවූ අතර ඔවුන් සතුව තිබූ කැණීම් සඳහා ගෙනවීත් තිබූ උපකරණ කිහිපයක් ගල් විදින හැමර් යන්ත්‍රය අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙකු දඹුල්ල ජල සම්පත් මණ්ඩලයට අයත්ව සේවය කරන අය බවත් අනෙක් අය මෙම ඉඩමේ හිමිකරු බව මලින්ද මහතා සඳහන් කළේය
කෙසේ වෙතත් මෙම පුද්ගලයන් ත්‍රීරෝද රථය සහ උපකරණ 31 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මලින්ද මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd