
(සුජිත් හේවාජුලිගේ )
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය හෙට ගාල්ලේ දී පවත්වන සම්මන්ත්‍රණයට සමගි ජන බලවේගය සහභාගී නොවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
එම රැස්වීමට සහභාගී නොවන ලෙස පක්ෂ මූලස්ථානයෙන් දැනුම් දීමක් ලැබී ඇති බව ආසන සංවිධායකවරු පෙන්වා දෙති.
"සත්‍ය දිනවමු; හොරුත් බොරු පරදවමු" යන තේමාව යටතේ" ගාල්ල නගර ශාලාවේදී හෙට උදේ 9.00ට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට එම විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය
මේ අතර විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ සෙසු සියලු රැස්වීම් වලටද සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ.
රටේ පොදු ප්රශ්නවලදී විපක්ෂය එකතු විය යුතු අවස්ථාවක මෙසේ බෙදී වෙන්වීම ඉතා අවාසි සහගත බව
සජබපාක්ෂිකයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් බයයි එයාට වඩා අනික් අයට බලය ඒවි කියලා. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව හිතලා පොදු එකමුතුව කඩනවා. නැත්නම් සජිත් යටින් වෙන ගේමක් ගෙනියනවා.
හා හා හා හා ... ... ...
උකුණු බිජුවක් තරම් මොලේ පෑදිලා වගෙයි.
රටේ පොදු ප්රශ්නවලදී විපක්ෂය එකතු විය යුතුයි කියා SJB පාක්ෂිකයන් කියද්දීත්, නායකයා මේ වැදගත් අවස්ථාවේ හිස උදුම්මාගෙන තනි ගමනක් යන්නට තැත් කරනවා නම්, සියලු පාක්ෂිකයන් එකතුවී ගත යුතු තීරණ ගැනීමට මෙලෙස නොපැමිණීම කනගාටුවට කරුණකි. ඔය විදිහට දුරදිග නොබලා යම් යම් කටයුතු ඔහු සිදු කරන්නේ නම්, ඔහුට පමණක් නොව රටටම අනාගතයක් නැති වීම නියතයි. ඔහු යනු මාලිමාවට අවශ්‍ය විදිහට වැඩ කරන කෙනෙක් බව සියලු දෙනා දැනුවත්ව අවබෝධ කරගතහොත් ඉදිරියට වැදගත් වේවි.
ඒ ගමන සජිත්ට අජිත් පී පෙරේරා එක්ක ඔරෝප්පුවක්ද. අජිත් පී පෙරේරා කියන්නේ 22 සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඉස්සරහින්ම පනතට එරෙහිව යන කෙනෙක්. එතකොට SJB එක අනික් විපක්ෂ අයගෙන් වෙන් කිරීම නිසා 22ට එරෙහි සටන දියාරු වෙලා අජිත් පී පෙරේරා වුනත් පහළට ඇද වැටෙනවා. සජිත්ට ඕනැ ඒක වෙන්න පුළුවන්. එයාට වඩා කාටවත් කැපී පේන්න බෑ.
දැන් ඉතින් ඒකාබද්ධ විපක්ෂය කියන නම වහාම වෙනස් කර ගන්න .
මේක සජබට වාසි සහගතයි කියලයි මම නම් දකින්නේ. නැත්තන් හොරු සමඟ හෙලුවෙන් වගේ තත්වයකට තමයි සජබෙට මුහුණ දෙන්න වෙන්නේ. හර්ෂලා වගේ මන්ත්‍රිවරුන්ගේ තාර්කික කරැණු දැක්වීම් සහ විශයගත (ආර්ථික) දැනුවත් කිරිම්වලට ජනතාව සංවේදියි. නමුත් හොරුරැල ඔහේ කියව කියව බයේ කෑගහන එකට ජනතාව තවදුරටත් සවන් දෙන්නේ නෑ. නමුත් හොරු කවුද නැත්තේ කවුද කියන්න ඒක අවස්ථාවක් කරගන්නවා. ඉතින් හොරු සමඟ නැති වීම යහපතක් නෙමේද? (පක්ෂ ස්ථාවරය මිස පුද්ගලයන් ගැන සලකා බලා නැත. සජබයේද “පරණ හොරුන්” ඇත/නැත)
බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා බලයන් ආශ්‍රය නොකරන්න කියලා.
විපක්ෂ කියන්නේ එකම හවුලකට ..අවුරුදු 76ක් මුන් බෙදිල චංදය ඉල්ලුවාට අන්තිමට ඵකතු වෙනව ...අය ජනතාව රවටිටන්න බැ
සී අයි ඩී නිළධාරින් සංස්කෘතික හා නිවාස අමාත්‍යාංශයේ පරණ ලිපිගොනු පරීක්ෂා කලාලු.