(එස් ඩී කොඩිකාර)

කොටපොල ,ගැටබරුව මාර ගස අසල තිබූ විශාල රෙදි පිළි වෙළඳ සැලක් ඇති වූ ගින්නකින් එම වෙළෙඳසල විනාශ වී ඇතැයි  කොස්මෝදර පොලිසිය පවසයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද සිදුවූ අලාභය කෝටි දහයක් පමණ බව අනුමාන කරන බව වෙළෙඳහල් හිමිකරු පවසා ඇත.

අසල්වැසි වෙළඳසලක කාන්තාවක වෙළඳ සැලේ හිමිකරු වෙත වෙළඳසල තුළින් දුමක් නගින බව දැනුම් දී ඇති බව පොලිසිය කියයි.

හිමිකරු පැමිණෙන විටත් ගින්න විශාල ලෙස පැතිර ගොස් තිබූ අතර ඒ වන විටත් ප්‍රදේශවාසීන් සහ පොලිසිය ඇතුලු විශාල පිරිසක් එම ස්ථානයට එකතු වී සිට ඇති දෙණියාය සහ කොස්මෝදර පොලිසිවල ජල බවුසර් යොදාගෙන ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ඒ වන විට රෙදි පිළිවලට දැඩි හානි සිදුව තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.