ජනපති-පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි පැවැත්විණ. 21 March 2026
ඉරාන ප්‍රහාර ඉන්දියන් සාගරයට ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන ‘දියේගෝ ගාසියා’ (Diego Garcia) කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. 21 March 2026
පළාත් නවයටම අල්ලසෙන් අලුත් කාර්යාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) පළාත් නවයේම නව කාර්යාල ස්ථාපනය කිරීමට අදහස් කරන බව එහි අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය. 21 March 2026
ඩීසල් ලීටර් 2000 සමග අයෙක් මාට්ටු නීති විරෝධී ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනා ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි. 21 March 2026
මේ අභියෝගයටත් හොඳින් මුහුණ දෙනවා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ ලෝක අභියෝගයටද අභීතව මුහුණ දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. 21 March 2026
රාමසාන් වටිනාකම් පොදු යහපතට යොදාගමු රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර, රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. 21 March 2026
අර්බුදයට විසඳුම මනුෂ්‍යත්වයයි මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය සඳහා විසඳුම් ලබා ගත හැකි ප්‍රධානතම මාර්ගය ඉස්ලාමය පෙන්වා දෙන ඉවසීම, කරුණාව, එකමුතුකම හා මනුෂ්‍යත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. 21 March 2026
චක් නොරිස් සමුගනී ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. 1940 මාර්තු 10 වනදා ඇමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝර්ස් 1958 සිට 1962 දක්වා ඇමෙරිකා ගුවන් හමුදාවේ සේවය කළේය. චක් නොරිස් රංගනයට පිවිසියේ ඉන් අනතුරුවය. 21 March 2026
අත්‍යාවශ්‍ය සේවාවල ඉන්ධන අවශ්‍යතා ගැන දත්ත රැස් කරයි ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත. 20 March 2026
හෝමුස් ගැන ජපානය, කැනඩාව සහ යුරෝපය ඇතුළු ප්‍රධාන රටවල් කීපයකින් නිවේදනයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්‍රා කළ හැකි බව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙන බව ජපානය, කැනඩාව සහ යුරෝපයේ ප්‍රධාන රටවල් කීපයක් පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 20 March 2026
ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වුනොත් ලංකා වෙළඳපොලේ තෙල් මිල රුපියල් දෙකකින් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 20 March 2026
කටාරයේ එල්.එන්.ජී බලාගාරයේ සියයට 17ක් විනාශ වෙලා කටාරයේ පිහිටි ලොව විශාලතම එල්.එන්.ජී බලාගාරය ලෙස සැලකෙන රාස් ලෆාන් වෙත ඉරානය පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ හානියෙන් එම බලාගාරයට සියයට 17 ක අපනයන ධාරිතාවක් අහිමි වී ඇතැයි කටාර් එනර්ජි සමාගම ප්‍රකාශ කළේය. 20 March 2026
ඉන්දුනීසියා ජාතිකයන් 76ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්, එම දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත මීගමුව , පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වටලා අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 20 March 2026
මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මරුට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මියගිය බව එම බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(20) ප්‍රකාශ කළේය. 20 March 2026
පෙට්‍රල් ලීටර් 55ක් ලග තබා ගත් අයෙකු අත්අඩංගුවට නීති විරෝධිව පෙට්‍රල් ලීටර් 55ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අද (20) සවස බොස්සැල්ල, දම්පැල්ගොඩ දී අත්අඩංගුවට ගත් බව බුලත්කොහුපිටිය පොලිසිය පවසයි. 20 March 2026
ජොන්ස්ටන් සහ පුතුන් යළි රිමාන්ඩ් සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 02 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (20) නියෝග කළාය. 20 March 2026
ලංකාවේ අවුල් ලිහන්න මුදල් කමිටුවෙනුත් තල්ලුවක් ගෝලීය අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. 20 March 2026
සතොස භාණ්ඩ 100ක මිල අඩුකරයි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොසින් භාණ්ඩ වර්ග 100 ක මිල අඩුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පැවසීය. 20 March 2026
ක්ෂුද්‍ර මුල්‍ය පනතට කතානායකගේ සහතිකය පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්රමුල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (20) සිය සහතිකය සටහන් කළේය. 20 March 2026
IMF නිලධාරීන් 26 වැනිදා මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ පස්වෙනි සමාලෝචනය සහ හයවෙනි සමාලෝචනය එකවර සම්පූර්ණ කිරීම සඳහා එයට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් එළැඹෙන 26 වෙනිදා මෙරටට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී පසුගියදා ප්‍රකාශ කළාය. 20 March 2026
අජිත් පී පෙරේරාගෙන් කතානායකට පැමිණිල්ලක් අධිකරණ අමාත්‍යවරයා තමාට අපහාසාත්මක අභිනයක් කළ බවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට අද (20) පැමිණිලි කළේය. 20 March 2026
රාජ්‍ය සේවය ක්රමානුකූල කරන ඇමති කමිටුව රැස් වෙයි රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 20 March 2026
අපනයන වර්ධනයට රජය මැදිහත් වෙනවා අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 20 March 2026
දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අවසර අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත්තේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්.දුමින්ද සිල්වා සැකකරුගෙන් ලබන 23 දින ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද (20)අවසර ලබා දුන්නේය. 20 March 2026
අහස් නවය අද පාලුයි ලොව පුරා දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් ඇල්ල ඓතිහාසික ආරුක්කු නවය පාලම (අහස් නවය) ඇමරිකා, ඊශ්‍රායල්, ඉරාන මැදපෙරදිග යුධ ගැටුම් සමඟ සංචාරකයින් නොමැතිවීමෙන් මේ දිනවල පාලුවට ගොස් ඇත. 20 March 2026
ත්‍රිවිල් - බස් ගැටීමෙන් දේව ගැතිවරයෙක් මරුට හංවැල්ල වනහාගොඩ උත්සව ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව හංවැල්ල පොලිසිය පවසයි. 20 March 2026
ඇමරිකා ප්‍රහාරක යානා දෙකක් මත්තලට බාන්න අවසර ඉල්ලලා මත්තල ගුවන්තොටුපලට ප්‍රහාරක ගුවන් යානා දෙකකට පැමිණීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ඉල්ලා සිටි අතර ගුඩ්විල් විසිට් එකක් සඳහා ලංකාවට පැමිණීමට ඉරාන නෞකා අවසර ඉල්ලා සිටි නමුත් ඒ දෙකටම රජය අවසර නොදුන් බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 March 2026
ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කරනු ලබයි. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇත. 20 March 2026
හොර යතුරුපැදි එන්ජින් සමඟ ව්‍යාපාරිකයා අල්ලයි යතුරුපැදි එන්ජින් හොර රහසේ ආනයනය කර යතුරුපැදි එකලස්කර විකිණීමේ යෙදුණු බව කියන ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා යතුරුපැදි එන්ජින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 20 March 2026
යුද්ධය අවසන් වන දිනය කියන්න බෑ ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි. 20 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026