(නිමල කොඩිතුවක්කු)

දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත් වලට තවදුරටත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙ(31) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40- ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.