(සුජිත් හේවාජුලිගේ )

බාලදක්ෂ ව්‍යාපාරය දිවයින පුරා පෙර පාසල්වලටද හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.

පෙර පාසලට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දෙනු ලබන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

රට පුරා සියලු පෙර පාසල් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

බාල දක්ෂ ව්‍යාපාරය දැනට පාසල් සහ විශ්ව විද්‍යාල මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ තරුණ ප්‍රජාව තුළ ශාරීරික, මානසික, බුද්ධිමය, සමාජීය හා අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරමින්, ඔවුන් සමාජයට වැඩදායී, ස්වාධීන සහ වගකීම් සහගත පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමයි.