ඩී.ජේ.පාටිය බලන්න කුඩුත් අරන් ඇවිත් මත්ද්‍රවය රැගෙන වරාය නගරයට ඇතුළු වීමට පැමිණි තරුණයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් කොටුව පොලිසිය සඳහන් කරයි. 22 March 2026
බස් ගාස්තුව සියයට 10 ට වඩා වැඩි වෙයි බස් ගාස්තු සකස් කිරීමේ සූත්‍රයට ඩීසල් මිල ඉහළ යෑම ගැළපූ විට බස් ගාස්තුවට සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බවත් ඉහළ දැමූ බස් ගාස්තු යෝජනාව අනුමැතිය සඳහා කැබ්නට් මණ්ඩලයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 March 2026
’’ජනතාවට රුපියල් 10000 ක සහනාධාරයක් දෙන්න’’ ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේදී සෑම පවුලකටම කොව්ඩ් පැතිරුණු සමයේදී ගෝඨාභය රජය දුන්නාසේ රුපියල් දස දහසක සහනාධාර මුදලක් දෙන ලෙස හිටපු අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 22 March 2026
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂක වරයකු වු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බිගේඩියර්වයකු අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 22 March 2026
සෆාරි රථය යතුරු පැදි කරුගේ හිස මතින් යයි කතරගම සිට සෙල්ලකතරගම දෙසට එමින් තිබූ සෆාරි ජීප් රථයක් මහසෙන් වට රවුම හංදියේදී රිදුරුගේ දකුණු පසින් ධාවනය කළ යතුරුපැදි කරුවකුගේ ගැටී ඔහු බිම ඇද වැටීමෙන් පසු හිස මතින් ධාවනය වීමෙන් යතුරුපැදි කරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. 22 March 2026
කොළඹ නොමිලේ වාහන නවත්වන්න දුන් තීරණය අත්හිටුවයි කොළඹ නගරයේ රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු නැවත අය කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. 22 March 2026
’’ මීට පස්සේ ලයිට් එන්නේ ඩීසල් වලින්’’ ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් තෙල් සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (22)පැවසීය. 22 March 2026
අනතුරින් සැරයන් මරුට:බිරිය ඇතුළු හතරක් රෝහලට පොලිස් සැරයන්වරයකු පැදවූ කුඩා ලොරියක් එහි වේගය පාලනය කරගත නොහැකිව කැලේදිවුල්වැව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි බස් නැවතුම් පලක ගැටි සිදුවු අනතුරින් සැරයන්වරයා මියගොස් තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා අද රෝහල් ගත කළ බව එප්පාවල පොලිසිය කියයි. 22 March 2026
දුර ඉදන් එන ලොකු දොස්තරලාට ඉන්ධන කෝටාවක් ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 22 March 2026
ඉස්සරහට එන්න තියන ඉන්ධන නැව් මෙන්න බොර තෙල් නැව් දෙකක් නොපැමිණීමේ අර්බුදයට පිළියමක් ලෙස පසුගිය 5 වැනි දා ටෙන්ඩර් කැඳවූ බවද ඒ අනුව අප්‍රේල් 6,7 සහ 8 යන තෙදින ඩීසල් මෙට්‍රික් ටොන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 22 March 2026
අනිද්දා එන්න තිබූ බොරතෙල් නැව එන්නේ නෑ මාර්තු 24 සහ 25 දිනවල ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000ක බොරතෙල් නැව පැමිණෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවසීය. 22 March 2026
යුද්දෙ හෙට නැවතුනත් ලංකා ආර්ථිකයේ හානිය අවසන් වෙන්නෙ නෑ යුද්ධය හෙට අවසන් වුණත් තෙල් නිෂ්පාදන යටිතල පහසුකම් වලට එල්ල වී තිබෙන බලපෑම් අනුව ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම එක රැයින් අවසන් වන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී කීය. 22 March 2026
යතුරුපැදිය ඇළට පෙරැළි පිසී මරුට බලංගොඩ පින්නවල ඉන්ධන පිරවුම් හලේ රාත්‍රියේ රාජකාරි කර නිවස බලා යමින් සිටි පින්නවල පොලිසියට අනියුක්තව සේවය කළ කොස්තාපල් වරයෙකු කණතිරියන්වෙල ප්‍රදේශයේ දි අද (22) මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පැවැසීය. 22 March 2026
කිව්.ආර් හොරු 159ක් කොටු කිව්.ආර් කේතය ලබා ගැනීමේදී නීත්‍යානුකූල වාහන හිමිකරුවන්ට එම කිව්.ආර් කේතය බාගත කර ගැනීමට නොහැකි වන අයුරින් නීති විරෝධී ලෙස කිව්.ආර් බාගත කර ගත් ජංගම දුරකථන අංක 159ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 22 March 2026
‘සිනොපෙක්’ සුපිරි ඩීසල් රුපියල් 219 කින් නගී ‘සිනොපෙක්’ සමාගම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122 කින් ඉහළ දමා තිබේ. 22 March 2026
බලශක්ති ඇමැතිට හතරවටින්ම විරෝධය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස විවිධ පාර්ශ්ව රජයෙන් දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 22 March 2026
ලක්ෂ හැටක් කිව්.ආර් අරගෙන මේ වන විට ලක්ෂ හැටක් කිව්.ආර් සඳහා ලියාපදිංචි වී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය. 22 March 2026
බස් ගාස්තු සංශෝධනය අමාත්‍යංශයට යවයි ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ඉහළ දමන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ සදඟා වන වාර්තාව සකස් කර ප්‍රවාහන අමාත්‍යංශයට යොමුකරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 22 March 2026
බස් ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමිය යුතුයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමිය යුතු බවත් එහිදී අවම බස් ගාස්තුව රුපියල් 35 ක් කළයුතු බවත් බස් සංගම් අද (22) පැවසීය. 22 March 2026
මෝටර් රිය අඩි 30ක් පහළට: 4ක් රෝහලට හංවැල්ල ලබුගම පතගිවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකට පැමිණි මෝටර් රථයක් අද (22) දහවල් එම උත්සව ශාලාව අසලදී අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයෙහි සිටි දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි 22 March 2026
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමිට යුතු බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. 22 March 2026
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ත්‍රීරෝද ගාස්තුවේ පළමු කිලෝමීටරයේ ගාස්තුව අනිවාර්යෙන්ම රුපියල් 20 කින් ඉහළ දැමිය යුතු බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් අද (22) පැවසීය. 22 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව පසු කරන්න ඩොලර් ලක්ෂ 20ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ඉරානය ඇතැම් නෞකාවලින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 622 ක් පමණ) අය කිරීමට තීරණය කර ඇති බවත් එම තීරණය දැනටමත් ක්‍රියාත්මක වන බවත් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකු වන ඇලෙඩින් බොරෝජර්ඩි ඉරාන් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වෙත පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 22 March 2026
මවූස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට මවූස්සාකැලේ හා කාසල් යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසලා පැරණි මස්කෙළිය නගරයේ සිද්ධස්ථානවල නටඹුන් යළි මතුව තිබේ. 22 March 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට,ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ඉරානයේ සතුරන් වන ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ලෝකය පුරා තිබෙන ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත තවදුරටත් ආරක්ෂිත නොවනු ඇතැයි ඉරාන හමුදා ප්‍රකාශක ජෙනරාල් අබොල්ෆාස්ල් ෂෙකර්චි පසුගියදා අනතුරු ඇඟවූවේය. 22 March 2026
විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය. 22 March 2026
ඩීසල් ලීටරයකින් ආණ්ඩුවට රුපියල් සීයක පාඩුවක් ඩීසල් ඩීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක් රජයට පාඩු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මහතා මාධ්‍ය හමුවේදී අද පැවසීය. 22 March 2026
අවුරුදු මාසේ විදුලි කැපිල්ලක් නෑ ටෙන්ඩර් නිසි පරිදි ලබා දී ඇති හෙයින් ලබන මාසේ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි කැපිල්ලක් නැතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී අද පැවසීය. 22 March 2026
තැපැල් පාර්සල් බෙදීම දවසක් හැර දවසක් තැපැල් පාර්සල් බෙදා හැරීම දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපල් දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2026
ගිනි අවි අත්මාංචු සමඟ දෙන්නෙක් අල්ලයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ උපදෙස් මත විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි දෙකක් , අත්මාංචුවක් සහ ජීව උණ්ඩ සමග අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 22 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026