(අංජුල මහික වීරරත්න)

22 සංශෝධනයක් ගෙනැල්ලා ආණ්ඩුව බොහෝ අය තරහා කරගෙන ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ තංගල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.

ආණ්ඩුව නීතිඥ සංගමය තරහ කරගෙන, මහාධිකරණ විනිශ්චකාරවරුන්, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ වෘත්තිකයෝ මේ හැම කෙනෙක්ම තරහ කරගෙන.

ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියපු ආණ්ඩුවක් තියෙනවා නම්, බලයට එන්න බොරු කියපු පුද්ගලයෙක් ඉන්නවා නම්, බලයට බොරු කියලා ඇවිල්ලා බලයේ රැඳී පවතින්නත් බොරු කියන කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි අපේ වර්තමාන අතිගරු ජනාධිපතිවරයා. අසීමිත බොරු කිව්වා. මඩ ගැහුවා. තරුණ පරම්පරාවට බොරු බලාපොරොත්තු දුන්නා. බොරු බලාපොරොත්තු දුන්නා පමණක් නෙවෙයි බලයට ඇවිල්ලා ඒ සියලු බලාපොරොත්තු බිඳවට්ටන්න කටයුතු කළා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.