
(අංජුල මහික වීරරත්න)
තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක් ඉගෙනීමට හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ දී පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
“අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාවෙන් භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී මෙම සමුළුව පැවැත්විණි.
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව තිරසාර, සාධාරණ සහ පුනර්ජනනීය ආහාර පද්ධති ඉදිරියට ගෙන යාම සඳහා දැනුවත්භාවය, සමාජ වටිනාකම්, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය සහ අභ්‍යන්තර පරිවර්තනයේ කාර්යභාරය පිළිබඳ අවධානය යොමු කරමින් පවත්වනු ලබන ගෝලීය සමුළුවකි.
භූතාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව මෙම සමුළුව සංවිධාන කරයි. මෙම සමුළුව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් පරම්පරා ගණනාවක් පුරා ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම, සංරක්ෂණය සහ පරිභෝජනය දක්වා සෑම අදියරකදීම සොබාදහම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධ කරගෙන සිටින බවයි.
එම උරුමය ඉදිරියට ගෙන යාම පිළිබඳව ශ්‍රී ලාංකිකයකු ලෙස තමන් මහත් ආඩම්බරයට පත්වන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd