මධුසමයට ලෝකයේ හොඳම තැන් තුනක් ලංකාවේ
මෙම වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන තුනක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය සිදුකළ එම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළින් පස්වැනි ස්ථානය ගාල්ලටත්, 13 වැනි ස්ථානය ඇල්ලටත්, 22 වැනි ස්ථානය තංගල්ලටත් හිමිවිය.