බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල්, ඇමෙරිකාව අතහැර යළි බ්‍රිතාන්‍යයේ පදිංචියට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුට පළ කර ඇත. 

ඒ, හැරී කුමරු සහ මෙගාන් මාකෙල් ගැන තමන්ගේ කිසිදු පැහැදීමක් නොමැති බව ද පවසමිනි. ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග අදහස් දක්වමිණි.

තමන් බ්‍රිතාන්‍ය රජ පවුල සමග සමීප නමුත්, තමන්ට හැරී කුමරු ගැන හෝ ඔහුගේ ඇමෙරිකන් බිරිඳ මෙගාන් මාකෙල් ගැන හෝ කිසිදු පැහැදීමකින් නොමැකි බව ට්‍රම්ප් මාධ්‍ය වේදීන් හමුවේ අවධාරණය කර ඇත.

හැරී සහ මෙගාන්, ඇමෙරිකාවේ පදිංචියට පැමිණියේ, දෙවැනි එලිසබත් මහ රැජින සහ චාල්ස් රජු සමග මත ගැටුම් ඇති කර ගනිමිනි. අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජින හැරී කුමරුන්ගේ මිත්තණියයි. චාල්ස් රජු හැරී කුමරුන්ගේ පියාය.

ට්‍රම්ප් චෝදනා නගන්නේ, හැරී සහ මෙගාන් දෙවැනි එලිසබත් මහ රැජිනටත් චාල්ස් කුමරුන්ටත් අපහාස කළ බවත් අගෞරව කළ බවත් තමන් කිසිසේත් එය අනුමත නොකරන බවත්ය.

බ්‍රිතාන්‍යය අතහැර ආ හැරී කුමරු, මෙගාන් සමග මෙතෙක් කල් පදිංචිව සිටියේ කැලිෆෝනියාවේ ඔවුන්ගේ නිවසකය. ඔවුන් යළි බ්‍රිතාන්‍යයේ පදිංචිය බලා ගොස් ඇත්තේ වසර 6 කට පසුවය. හැරී සහ මෙගාන් යළි ඇමෙරිකාවට බාර නොගන්නා බව ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

පිහිටි නිවසේ සිට ඔවුන් නැවත බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් ඇත්තේ වසර හයකට පසුවය. තමා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වූයේ නම්, ඔවුන්ව කිසිසේත්ම නැවත භාර නොගන්නා බවද ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

හැරී කුමරු සහ පියා තෙවැනි චාල්ස් රජු අතරේ සබඳතා යළි ගොඩනැගුණේ රජු පිළිකා රෝගියකු ලෙස ප්‍රතිකාර ලබමින් සිටි කාලයේය. එසේ වුවත්, හැරී මෙගාන් යුවල සහ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය අතර සබඳතා එතරම් යහපත් තත්ත්වයක නොමැති බව පැවැසෙයි. විලියම් කුමරු යනු හැරී කුමරුන්ගේ වැඩිමල් සොහොයුරාය.